21දා අර්ධ සූර්යග්‍රහණයක්
- 2020-06-16 18:50:42
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අර්ධසූර්යග්‍රහණයක් ලබන ඉරිදා (21දා)ශ්‍රී ලංකාවට නිරීක්‍ෂණය වන බව නවීන තාක්‍ෂණ පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනයේ තාරකා විද්‍යා අංශයප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකාවේ සියලු ප්‍රදේශයන්ට නිරීක්‍ෂණය වන මෙම අර්ධ සූර්යග්‍රහණයඉරිදා දිනයේ උදෑසන 10:24ට පමණ ආරම්භ වන අතර, එම ආරම්භක අවස්ථාව යාපනයට දිස්වේ. එසේමමෙම සූර්යග්‍රහණය උදෑසන 10:25ට පමණ කොළඹට නිරීක්‍ෂණය වන අතර, අනතුරුව උදෑසන 11:51 වනවිට එහි උපරිමයට ළඟා වීදහවල් 1:19ට පමණ අවසන් වෙයි. මෙම උපරිම අවස්ථාවේදී සූර්යයාගෙන් 24෴ පමණ චන්ද්‍රයාගෙන් ආවරණය වේ.
මෙම අවස්ථාව පියවි ඇසින් නිරීක්‍ෂණය නොකළ යුතු අතර, සූර්යග්‍රහණය නිරීක්‍ෂණය කරන විශේෂිත කණ්ණාඩියකින් හෝනොම්මර 14 වෑල්ඩින් වීදුරුවකින් නිරීක්‍ෂණය කිරීම ආරක්‍ෂා සහිත වේ. මේ පිළිබඳ වැඩි විස්තර ආතර් සී. ක්ලාක් ආයතනයේ www.accimt.ac.lkවෙබ් අඩවිය මගින් ලබාගත හැකිය.(wmdjbm)
Reply To:
Name - Reply Comment
0 Comments