25දා හිරු බැසයාමට ආසන්නයේදී අර්ධ සූර්යග්‍රහණයක්
- 2022-10-24 11:24:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2022 ඔක්තෝම්බර් 25 වන දින හිරු බැසයාමට ආසන්නයේදී ඉතා සුළු මට්ටමෙන් දිස්වන අර්ධ සූර්යග්‍රහණයක් බටහිර ක්ශිතිජයට ආසන්නව දැකගත හැකි බව කොළඹ විශ්විද්‍යාලයේ තාරකා විද්‍යා සහ අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂක මහාචාර්ය චන්දන ජයරත්න පවසයි. මෙම ග්‍රහණය යුරෝපය, උතුරු අප්‍රිකාව, මැදපෙරදිග සහ ආසියාවේ බටහිර ප්‍රදේශවලින් බොහෝමයකටද දිස්වේ. ලංකාවේ අපට ග්‍රහණය හොඳින්ම දිස්වනුයේ යාපනය ප්‍රදේශයටය .
සූර්යග්‍රහණයක් සිදුවන්නේ කෙසේද?
පෘථිවිය හා සූර්යයා අතර සෘජු රේඛාවක් ඔස්සේ චන්ද්‍රයා ගමන් කරන විට සූර්යග්‍රහණයක් සිදු වේ. එවිට සඳෙහි සෙවනැල්ල පෘථිවි පෘෂ්ඨය හරහා ගමන් කරන අතර පෘථිවියේ සිට පෙනෙන පරිදි සූර්යයාගේ ආලෝකය අවහිර කරයි. සූර්යග්‍රහණයක් ඇතිවනුයේ අමාවක දිනකදීය.
මෙම අර්ධ සූර්යග්‍රහණය දිස්වන ප්‍රදේශ සහ වේලාවන්
යාපනය නගරයට අර්ධ සූර්යග්‍රහණය ප.ව. 5.27 සිට නිරීක්ෂණය කළ හැකි අතර උපරිම අවස්ථාව ප.ව. 5.46 ට ද සිදුවේ. එම අවස්ථාවේදී සූර්යයා චන්ද්‍රයාගෙන් 8.8% ක් පමණ ප්‍රමාණයක් ආවරණය කරයි. ග්‍රහණ අවසානය ප.ව. 6.20 ට සිදුවන මුත් යාපනයට හිරු බැසයාම පස්වරු ප.ව. 5.49 ට සිදුවන නිසා ග්‍රහණය ඉන්පසු නොපෙනේ. මෙම ග්‍රහණය විනාඩි 22 ක පමන කාලයක් යාපනයට දිස්වේ.
කොළඹ නගරයට අර්ධ සූර්යග්‍රහණය ප.ව. 5:43 සිට නිරීක්ෂණය කළ හැකි අතර, උපරිම ග්‍රහණ අවධිය ප.ව. 5:49 ට සිදුවන අතර එම අවස්ථාවේදී සූර්යයා චන්ද්‍රයාගෙන් 1.6% ක් පමණ සුලු ප්‍රමාණයක් ආවරණය කරයි. කොළඹට හිරු බැසයාම පස්වරු ප.ව. 5:52 ට සිදුවන නිසා ග්‍රහණය ඉන්පසු නොපෙනේ. මෙම ග්‍රහණය විනාඩි 9 ක පමන කාලයක් කොළඹ ප්‍රදේශයට දිස්වේ.
ලංකාවේ දකුණු දිග ප්‍රදේශවලට මෙම ග්‍රහණය හොඳින් දිස් නොවේ.
හිරු බැසයාමට ඉතා අසන්නේ පිහිටන සූර්ය රශ්මිය ඉතා අඩු විටෙකදී මෙම ග්‍රහණය සිදුවන බැවින්, සූර්ය පෙරහණක් නොමැතිව වුවද නොමැතිව වුවද පියවි ඇසින් තත්පර 30 ක පමණ කාලයක් එදෙස බලා සිටියාට ඇස් වලට හානියක් සිදුනොවනු ඇති බව ද මහාචාර්ය චන්දන ජයරත්න පැවසීය. නැවතත් සූර්යග්‍රහණයක් ලංකාවට දිස්වනුයේ වසර 5කට පසුව එනම් 2027 අගොස්තු 2 දාය.
Reply To:
Name - Reply Comment
0 Comments