28 දා සිට කොවිඩ් එන්නත භාවිතයට
- 2021-01-25 14:12:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉන්දියාවෙන් ගෙන එන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිඩ් එන්නත මේ මස බ්‍රහස්පතින්දා (28) සිට ශ්‍රී ලංකාවේ භාවිතයට ගැනීමට නියමිතය.
එන්නත් පිළිබඳ ඉතිහාසය සොයන්නට මේ අපූරු අවස්ථාවකි.
මෙරට දී මුල්වරට ශ්‍රී ලාංකිකයෙකු විසින් එන්නතක් ලබාගෙන ඇත්තේ මීට වසර 205 කට පෙර දීය. එසේ එන්නතක් ලබාගත් පළමු ශ්‍රී ලාංකිකයා ලෙස ඉතිහාස ගතවන්නේ රාජපක්ෂ වික්‍රමසේකර මුදියන්සේලාගේ බණ්ඩාරනායක මොනරවිල කැප්පෙටිපොල හෙවත් වීර කැප්පෙටිපාල දිසාවේය.
1816 වසරේ දී වසූරිය රෝගය උඩරට ප්‍රදේශය වේගයෙන් ආක්‍රමණය කරන්නට විය. ඒ වනවිට ශ්‍රී ලංකාව හිරු නොබසින අධිරාජ්‍යයට නතුව ගෙවී තිබුණේ වසරකටත් අඩු කාලයකි.
පාලකයෝ වසූරිය මඬින්නට ඔවුන්ගේ රටින් එන්නතක් ගෙන්වූහ. එය සුදු ජාතිකයන් අතර භාවිතා වූ නමුත් සිංහලයෝ ඊට බිය වූහ. විශේෂයෙන් ප්‍රභූ පන්තියට මෙම එන්නත විදගන්නට සුදු ජාතික පාලකයන්ගෙන් ඉල්ලීම් ලැබුණු මුත් කිසිවෙකුත් එයට කැමැත්තක් දැක්වූයේ නැත.
බොහෝ දෙනා කළේ නොයෙක් ගොඩ වෙදකම් කරමින් සිටීමය. විශාල පිරිසක් මරු මුවට පත්විය. එවකට කැප්පෙටිපොල දිසාවේ බ්‍රිතාන්‍ය පාලනයේ ඌව දිසාව බාරව කටයුතු කළ නිලධාරියා විය.
එහි දී ඉංග්‍රීසි ජාතිකයන් විසින් ගෙන ආ වසූරිය එන්නත මුලින්ම එන්නත් කරවාගත් කැප්පෙටිපොල දිසාවේ, එය ලබා ගන්නැයි තම දරුවන්ට හා ඥාතින්ට ද අනුබල දුන්නේය. එයින් පසුව එම එන්නත විදගන්නට ශ්‍රී ලාංකිකයන් වෙත තිබූ බිය පහව ගියේ යැයි ඉතිහාසයේ සඳහන් වේ.
එන්නත් ලෙසින් ඖෂධ ලබා ගැනීම ශ්‍රී ලාංකිකයන් අතරට ආවේ එතැන් සිටය.
මේ සම්බන්ධව සටහනක් තබමින් එවකට සිටි පාලකයෝ කැප්පෙටිපොල දිසාව ඉදිරි දැක්මක් ඇති සිංහලයෙක් බව සඳහන් කර ඇතැයි පමේ තොරතුරු ලංකාදීපයට කී පරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා පැවැසීය. (විනීතා එම් ගමගේ)
Reply To:
Name - Reply Comment
0 Comments