53 වැනි බාලදක්‍ෂ කැම්පෝරිය 2018 කොළඹ විහාරමහාදේවි උද්‍යානයේදී පැවැත්වේ

2025 මැයි මස 13 ප.ව. 07:15 - {{hitsCtrl.values.hits}}  

 

 

 

 

 

 

 

ශ්‍රී ලංකාව බාලදක්‍ෂ සංගමයේ කොළඹ දිසාව මගින් 'Today's Scouts, Tomorrow's Legend' යන තේමාව යටතේ සංවිධානය කරනු ලබන 53 වැනි වරට කොළඹදී පවත්වන බාලදක්‍ෂ කැම්පරිය මේ මස 09 වැනිදා සිට 14 වැනිදා දක්වා විහාරමහාදේවි උද්‍යානයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ති‍බේ.

කොමසාරිස් අමිල අබේසුන්දර, සහය දිසා කොමසාරිස් සහ ඔහුට සහාය වන පරිනත කණ්ඩායමක් විසින් මෙය සංවිධානය කර ඇත.

අධ්‍යාපන අමාත්‍යංශය, ශ්‍රී ලංකා පොලීසිය, ත්‍රිවිද හමුදාව, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව දැයේ දරු දැරියන්ගේ මෙම කඳවුර සඳහා තවත් සිවිල් සංවිධාන සමග සම්පූර්ණ සහයෝගය ලබාදෙනු ඇත.

මෙවර කඳවුර සඳහා කොළඹ දිසාවේ පාසල්වලින් එකී පාසල්වල විදුහල්පතිවරුන්ගේ සහ විදුහල්පතිනියන්ගේ ආශීර්වාදය ඇතිව සිඟිති බාලදක්‍ෂයන් 1172ක්, පෝතක බාලදක්‍ෂයන් 2400ක්,  බාලදක්‍ෂයන් 2350ක්, මානවක බාලදක්‍ෂයන් සහ නායක ආචාර්යවරු 420ක් පමණ සහභාගි වීමට නියමිතය.

ශ්‍රී ලංකා ජාතික බාලදක්‍ෂ මූලස්ථානය සමග දිස්ත්‍රික් බාලදක්‍ෂ මානවකයන් සහ මානවිකාවන්ද සහයෝගය දක්වන අතර යාපනය ඇතුළු වෙනත් දිස්ත්‍රික්කවලින්ද සහෝදර බාලදක්‍ෂයන් සමූහ වශයෙන් සහභාගි වනු ඇත.

ලබන 12 වැනිදා සිඟිති බාලදක්‍ෂයන්ටද, 13 වැනිදා පෝතක බාලදක්‍ෂයන්ටද කඳවුර විවෘත කර ඇති අතර, පෝතක බාලදක්‍ෂයන් විසින් එදින කඳවුර වටා පෙළපාළියක්ද සංවිධානය කර ඇත.

මෙම කඳවුරේ ක්‍රියාකාරකම් සඳහා සහභාගි වන බාලදක්‍ෂයන්ට විශේෂ ප්‍රවීණතා පදක්කම් 06ක් දිනා ගැනීමට අවස්ථාව සලසා ඇති අතර, එයින් බලාපොරොත්තු වන්නේ වීරත්ව්‍යය, ධෛර්යයසම්පන්න බව, විනයගරුක බව, අභියෝග ජයගැනීම ආදී කරුණු ඔවුන් තුළ වර්ධනය කිරීමය. විශේෂයෙන් කඳවුර තුළ ප්‍රදර්ශනයක්ද සංවිධානය කර ඇත.

නිරෝෂා ප්‍රියදර්ශනී

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...