Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

HASS නැමැති අලිගැටපේර විශේෂය ශ්‍රී ලංකාව තුළ කෘෂිකාර්මික වගාවක් ලෙස පුළුල් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ විදේශ අරමුදල් මත ක්‍රියාත්මක වන ව්‍යාපෘතියක් වන කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය කටයුතු කරයි. 

පළමු අදියර යටතේ HASS නැමැති අලිගැටපේර විශේෂය ව්‍යාප්ත කිරීම සඳහා බදුල්ල දිස්ත්‍රික්කයේ අක්කර 200ක බිම් ප්‍රමාණයක් තෝරාගෙන තිබේ. අප රටේ විදේශ වෙළෙඳපොළ වෙත පහසුවෙන් යොමු කළ හැකි එකම අලිගැටපේර විශේෂය HASS වන අතර දැනට මෙම අලිගැටපේර විශේෂයේ පැළ ඔස්ට්‍රේලියාවේ සිට ආනයනය කර බණ්ඩාරවෙළ ප්‍රදේශයේ තවාන් කර ඇත.

 කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම අලිගැටපේර තවාන නිරීක්ෂණය කරන ලද අතර එහි මේ වනවිට පැළ 3000ක් බද්ධ පැළ වශයෙන් සකස් කිරීම සිදු කරයි. 

HASS නැමැති අලිගැටපේර ප්‍රභේදයෙහි ඇති විශේෂත්වය වන්නේ එය පලතුරක් වශයෙන් මෙන්ම එහි බටර් පැහැති මඳය උපයෝගි කර ගනිමින් නිෂ්පාදනය කරන සෞඛ්‍යට හිතකර අලිගැටපේර තෙල් සඳහා ජාත්‍යන්තර වෙළෙද පොළ තුළ විශාල ඉල්ලුමක් පැවතීමයි. 

කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය විසින් බදුල්ල දිස්ත්‍රික්කයේ මෙම වගාව සිදු කළ හැකි පවුල් 1000ක් පමණ මේ වනවිට තෝරා ගෙන ඇති අතර ඔවුන්ට HASS අලිගැටපේර විශේෂය වගා කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණය, පැළ හා මුල්‍ය ආධාර සියල්ලම සපයනු ලබයි. එමෙන්ම අස්වනු Buy Back ක්‍රමයට මිල දී ගැනීම සඳහා කටයුතු කරන ආයතන ද හඳුන්වා දෙනු ලබයි. 

වසර තුනකින් මෙම වගාවෙන් ආදායම් උපයා ගත හැකි අතර එක් ගසකින්  අලිගැටපේර කිලෝග්‍රෑම් 200ක අස්වැන්නක් ලබා ගත හැකිය. HASS නැමැති අලිගැටපේර විශේෂය වගා කිරීම සඳහා සුදුසුම පරිසරය බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටා ඇති නිසා එම දිස්ත්‍රික්කය තෝරා ගැනීමට කටයුතු කර ඇත. 

මෙම නිරීක්ෂණ චාරිකාවට එක් වූ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අප රටේ අපනයනය ඉළක්ක කර ගත් නව බෝග වර්ග රැසක් වගා කිරීමට අවශ්‍ය තාක්ෂණය හා දැනුම මෙන්ම යටිතල පහසුකම් ද සමග සැපයීමට කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය මගින් පියවර ගෙන ඇති බවත් අවධාරණය කළේය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.