PCR පරීක්ෂණ සඳහා කොවිඩ් අරමුදලෙන් මිලියන 36 ක්
- 2020-07-25 21:44:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය සිදු කරන අත්‍යාවශ්‍ය PCR පරීක්ෂණ සඳහා සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලෙන් රුපියල් 36,605,812.00 ක් වැය කෙරේ.
අදාළ චෙක්පත මහ බැංකු අධිපති, කොවිඩ් -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ කළමනාකරණ කමිටු සභාපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් මේජර් ජනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ මහතා වෙත භාරදෙනු ලැබීය.
PCR පරීක්ෂණ හා සෞඛ්‍යාරක්ෂණ උපදේශන වැඩසටහන්වල වියදම් සඳහා මුදල ප්‍රදානය කර තිබේ.
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යංශයේ ඉල්ලීම අනුව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සිදු කරන PCR පරීක්ෂණ සඳහා අවශ්‍ය පරීක්ෂණ කට්ටල (Test kits) මිලදී ගැනීමට රුපියල් 34,105,812.00 ක් වැය කෙරේ. යාපනය විශ්ව විද්‍යාලය සිදු කරන PCR පරීක්ෂණවල ධාරිතාව වැඩි කිරීම සඳහා හදිසි හා අත්‍යාවශ්‍ය රසායනාගාර උපකරණ මිලදී ගැනීමට රුපියල් මිලියන 2.5 ක් වෙන් කර ඇත.
කොවිඩ් -19 අරමුදල දැන් රුපියල් මිලියන 1525 ඉක්මවා සිටී.
අරමුදලේ ප්‍රමුඛ අරමුණ කොවිඩ් -19 මර්දනයට අවශ්‍ය ඖෂධ, වෛද්‍ය පරීක්ෂණ, උපකරණ හා ධාරිතා වර්ධනය ඇතුළු පහසුකම් සැලසීම පිණිස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෙත මේ මුදල නිදහස් කරන ලදී.
Reply To:
Name - Reply Comment
0 Comments