Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

Singapore Space Challenge 2021 තරඟාවලියේ හොඳම කණ්ඩායම් තුන අතරට පැමිණීමට ශ්‍රී ලංකාවේ SEDS_LunarBot කණ්ඩායම සමත් විය.

මෙවර Singapore Space Challenge 2021 තරඟාවලියේදී කණ්ඩායම් සඳහා ලබාදුන් කාර්යය වුයේ, "සඳ මත කැණීම් සිදු කිරීමට හා ස්ථානීය සම්පත් භාවිතා කිරීමට හැකි වන පරිදි රෝවර් යානයක් සැලසුම් කිරීම" යි.

මෙම තරඟාවලියේ හොඳම නිපැයුම් 03 අතරට එක්වීමට SEDS_LunarBot කණ්ඩායමේ නිර්මාණය සමත් විය. එමෙන්ම හොඳම නැගී එන කණ්ඩායම් දෙක සදහා ලබාදුන් Distinction Award සම්මානයෙන්ද පිදුම් ලැබූ අතර සිංගප්පුරු ඩොලර් 1,000 මුදල් ත්‍යාගයක් දිනා ගැනීමට ද SEDS_LunarBot කණ්ඩායම සමත් විය. මෙම තරඟාවලියේ පළමු ස්ථානය අභ්‍යවකාශ ගවේෂණයට සම්බන්ධ ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයන්ගෙන් සැදුම්ලත් නවසීලන්ත කණ්ඩායමක් හිමි කරගත්හ.

Singapore Space Technologies LTD  ආයතනය විසින් සිංගප්පූරුවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය, AWS Educate, Office for Space Technology and Industry - Singapore, Singapore Digital, සහ Shiseido Japan යන ආයතන වල අනුග්‍රහයෙන් සංවිධානය කරන මෙම අන්තර්ජාතික තරඟාවලිය සඳහා මෙවර ඇමරිකාව, එංගලන්තය, එක්සත් අරාබිය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, සහ බෙල්ජියම ඇතුලු රටවල් 18 ක් නියෝජනය කරමින් කණ්ඩායම් 140 කට වැඩි ප්‍රමාණයක් සහභාගී විය. වයස අවුරුදු 15 – 25 ත් අතර සිසුන් 600 ක් පමණ මෙම කණ්ඩායම් නියෝජනය කළ අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් SEDS_LunarBot කණ්ඩායම හා විශ්වවිද්‍යාල සිසුන්ගෙන් සමන්විත කණ්ඩායම් කිහිපයක් ද ඉදිරිපත් විය.

SEDS_LunarBot කණ්ඩායම සඳහා 18 හැවිරිදි වියේ පසුවන උසස්පෙළ සිසුන් තිදෙනෙකු හා විශ්වවිද්‍යාල පළමු වසරේ සිසුවෙක් ඇතුලත් විය. ඔවුන් නම්, කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ඉගෙනුම ලබන විදුරංග ලෑන්ඩස්, කොළඹ ශාන්ත බෙනඩික් විද්‍යාලයේ ඉගෙනුම ලබන ජූඩ් පීරිස් හා ඕෂධ පතිරණ සහ අමෙරිකා එක්සත් ජනපදයේ පර්ඩියු විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සමිත රණසිංහ යන අයයි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.