ICTA නව සභාපති මහාචාර්ය රෝහාන් සමරජීව
- 2018-04-18 11:36:36
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන නියෝජිතායනතයේ (ICTA) නව සභාපති ලෙස මහාචාර්ය රොහාන් සමරජීව මහතා පත්කර ඇත. ඔහු ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙයි.
ICTA නව අධ්‍යක්ෂ මණ්ඩලය පත් කිරීමට සමගාමීව මහාචාර්ය සමරජීව මහතා එහි සභාපති ලෙස පත්කර ඇත. නව අධ්‍යක්ෂ මණ්ඩලය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රය, සයිබර් ආරක්ෂණය හා ව්‍යාපාර ක්‍රියාවලි බාහරකරණය (BPO) පිළිබඳ විශේෂඥයන්ගෙන් හා විද්වතුන්ගෙන් සමන්විත බව එම ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
මහාචාර්ය සමරජීව මහතා ICTA ආයතනය විසින් ක්‍රියාත්මක කරන ලද ඉ-ශ්‍රී ලංකා ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සංවර්ධන වැඩපිලිවෙළේ මුලික සැලසුම් සකස් කිරීමෙහි ලා පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ බවද එහි සඳහන් වෙයි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments