Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ලංගම හා පුද්ගලික බස් රථවල ගමන් ගන්නා මගී ජනතාව බස් රථයක් එනතුරු ඇතැම් විට පැය ගණනක් මහපාරවල් අසළට වී බලා සිටින්නට සිදුවේ. එමෙන්ම බස් රථයක් ක්‍රියාවිරහිත වී ධාවනය කිරීම අවලංගු වී ඇත්නම් ඒ් බව මගී ජනතාව දන්නේ නැත.

බස් රථවල ගමන් ගන්නා මගීන් රස්තියාදු නොකර ඔවුන්ට නිසි වේලාවට ගමන්ට ගමනක් යාම පහසු කරවීමට   බස් රථය පිලිබඳ තොරතුරු ඇතුලත් ජංගම යෙදවුමක් සකස් කරන්නැයි මගී ප්‍රවාහණ කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික ගමනාගමන කොමිසමට උපදෙස් දී තිබිනි.

ඒ් අනුව මගීන්ගේ ගමන් පහසුව සඳහා සකස් කළ  MYBUS lk  නමින් සකස් කරන ලද ජංගම දුරකථන යෙදවුම  සැකසුම් කටයුතු මේ වනවිට ජාතික ගමනාගමන කොමිසම විසින් සකස් කර අවසන් කර ඇත.

එම ජංගම දුරකථන යෙදවුම දියත් කිරීම ලබන අගහරුවාදා ( ජූලි 07) දින කොළඹ දී සිදු කෙරේ.

MYBUS lk ජංගම දුරකථන යෙදවුම සැකසීමේ කටයුතු විශාල මුදලක් ගෙවා පුද්ගලික සමාගමකට පවරා දී තිබුණි. නමුත් ඔවුන් විසින් සකස් කළ යෙදවුම අංග සම්පුර්ණ එකක් නොවීය.

එහෙත් ජාතික ගමනාගමන කොමිසමේ කළමනාකරණ සහකාරවරයෙක් ලෙස කටයුතු කරන තරුණ උපාධිධරයෙක් වන නුවන් සෙනවිරත්න මහතා විසින් තනිවම,  කොමිසමේ මුදල් ශත පහක්වත් වැය නොකරමින් මෙම අංග සම්පුර්ණ යෙදවුම නිර්මාණය කර තිබීම විශේෂ කාරණයකි. .

කොවිඩ් 19 ඇඳිරි නීතිය හේතුවෙන් ඇතැම් නිලධාරින්ට නිවසේ සිට සේවය කිරීමට අවස්ථාව සැලසීම යටතේ නුවන් සෙනවිරත්න මහතා ද එම කාලය තුළ මගී ප්‍රවාහණ ජංගම දුරකථන යෙදවුමක් තිබිය යුතු සියලුම අංග ඇතුළත් කර මෙම යෙදවුම සකස් කරන ලදී.

මෙම ජංගම දුරකථන යෙදුවමේ පහසුකම් අනුව මගීන්ට බස් රථයක් ආරම්භය හා ගමනාන්තය දැක්වෙන වේලාවන්, මගීන් බස් රථයට ගොඩ වෙන ස්ථානයේ සිට ගමනාන්තය දක්වා අයවෙන බස් ගාස්තුව, තමන් ගමන් ගත යුතු බස් රථය ඒ් මොහොතේ පවතින ස්ථානය Tracking, අන්තර්ජාලය හරහා මගී පැමිණිළි ඉදිරිපත් කිරීමට ඇති පහසුව Complain, සියලුම බස් රථවලට ගෙවීම් කටයුතු කාඩ්පතක් මගින් ගෙවීමට ඇති පහසුකම් සැලසීම ආදි සියලු පහසුකම් මෙම තරුණ නිළධාරියා විසින් සකස් කළ යෙදුමේ අන්තර්ගත වේ.

නුවන් සේනාරත්න මහතා මෙම කටයුතු සියල්ල සිදු කර තිබෙන්නේ තම කුඹුරේ කුරුළු තුඩ නැමැති මිල අධික සහල් විශේෂය නිපදවන වී ගොවිතැන ද සිදුකරමිනි. මෙම තරුණ නිර්මාණකරුවා එදින  ඇගයීමට ද පියවර ගන්නා ලෙස  අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික ගමනාගමන කොමිසමට උපදෙස් දුන්නේය.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට මගී ජනතාවගේ පහසුව සඳහා නිර්මාණය කරන ලද MYBUS lk  ජංගම දුරකථන යෙදවුම ජන ගත කිරීම ජූලි 07 වන අගහරුවාදා සිදු කිරීමට පියවර ගෙන තිබේ

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.