NCPA නව සභාපති අබයරත්න මහතා
- 2018-04-10 11:21:40
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නව සභාපතිවරයා ලෙසට නීතිඥ එච්.එම්. අබයරත්න මහතා ඊයේ (09දා) වැඩ බාරගත්තේය. ඒ එම අධිකාරියේ 08 වැනි සභාපතිවරයා ලෙසිනි.
කොළඹ විශ්වවිද්‍යාලයේ සංවර්ධන අධ්‍යාපනවේදී විශේෂ උපාධිධාරියෙකු වන නීතිඥ එච්.එම්. අබයරත්න මහතා නීතිවේදී උපාධියද එම විශ්වවිද්‍යාලයෙන්ම හිමි කරගෙන ඇති අතර,ශ්‍රම අධ්‍යාපනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය කොළඹ විශ්වවිද්‍යාලය මගින්ද, කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය වයඹ විශ්වවිද්‍යාලයෙන්ද ලබාගෙන තිබේ.
එසේමඒ මහතා ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතනය මගින් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාවද, ඉන්දියාවේ චන්දිගර් විශ්වවිද්‍යාලයෙන් තරුණ කටයුතු පිළිබඳ ඩිප්ලෝමාවද ලබා ඇත.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments