Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

දේශීය හා විදේශීය වෙළෙඳ පොළෙහි ඉල්ලුමට සරිලන ලෙස කාල ‍භේදයකින් තොරව සෑම කල්හිම ඵල දරන TEJC අඹ ප්‍රභේදය හඳුන්වාදුන් තොමස් එල්ලාවල මහතාගේ සුවදුක් විමසීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (14දා) ඒ මහතාගේ නිවසට ගියේය.

රටේ ජාතික ආදායමට විශාල මුදලක් උපයාදෙන අපනයනය ඉලක්ක කරගත් අඹ ප්‍රභේදයක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් තොමස් මහතාට සමස්ත ජාතියේම උපහාරය රජයක් වශයෙන් පුද දීමට සූදානම් බව එහිදී  කී අමාත්‍යවරයා නව නිපැයුම් හඳුන්වාදෙමින් කෘෂිකාර්මික ක්ෂේත්‍රය බැබළවීමට කටයුතු කළ තෝමස් එල්ලාවල මහතා වැනි පුද්ගලයන් සියයක් රටේ ඉපදුණා නම් මුළු රටම මේ වනවිට සංවර්ධනය කළ හැකිව තිබූ බවද පැවසීය.

මෙම අවස්ථාවට එල්ලාවල මහතාගේ බිරිඳ වන නාලිනී එල්ලාවල මහත්මිය හා පුතු වන සුරේෂ් එල්ලාවල මහතාද සහභාගි වූහ.

නව අඹ ප්‍රභේදයක් ලෙස හඳුන්වා දුන්TEJC අඹ ප්‍රභේදය මේවනවිට ජාත්‍යන්තරය තුළකීර්තියක් අත්කරගෙන ඇති අතර, එය තොමස් එල්ලාවල මහතා සහ පිලිපීන ජාතික ජුආන් කාලෝස් මහතා එක්ව නිර්මාණය කර තිබේ.

ලංකාවේ වියළි කලාපීය දේශගුණයට ඔරොත්තු දෙන පරිදි හා විදේශ වෙළෙඳ පොළෙහි ඉල්ලුමට සරිලන පරිදි කාල භේදයකින් තොරව සෑම කලකදීමමෙම අඹ ඵල දරයි.

 

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.