අටමස්ථානාධිපති හිමියෝ අපවත් වෙති
- 2022-10-19 11:21:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අනුරාධපුර අටමස්ථානාධිපති, උතුරු මධ්‍ය දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියෝ අපවත්වූහ. අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදි උන්වහන්සේ මෙසේ අපවත්වූහ.
1953 දී මාතලේ ව පල්ලේගම ග්‍රාමයේ උපත ලැබූ හිමියෝ කරුණාසිංහ මුදියන්සේලාගේ ටිකිරිබණ්ඩා නිලමේ තුමාගේත්, දුක්ගන්නා වලව්වේ අනුලා කුමාරිහාමිගේත් වැඩිමහල් පුත්‍ර රත්නයයි. ජයතිලක නම් මෙම කුමරුවා කිතුල්හිටියාව රජයේ පාසලේන් මූලික අධාපනය ලැබුවේ ය.
ජයතිලක කුල කුමරු ජය ශ්‍රීමහා බෝධිස්ථානයේ 1968 මැයි මාසයේ දී පැවිදිබිමට ඇතුළත්විය. අනතුරුව සිරිනිවාස හිමියෝ අනුරාධපුර මහා විහාර පිරිවෙනෙන් ද කොළඹ මාළිගාකන්ද විද්‍යෝදය මහ පිරිවෙනෙන් හා සඳලංකාවේ ශාස්ත්‍රෝදය පිරිවෙනෙන් ද හුණුපිටිය ගංගාරාමයේ ජිනරතන පිරිවෙනෙන් ද අධ්‍යාපනය ලබා 1983 දී කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ශාස්ත්‍රවේදී උපාධිය ලබාගත් හ.
උන්වහන්සේ උපසම්පදාව ලබාගත්තේ 1975 මල්වතු මහා විහාරයේ දී ය. අධ්‍යාපන කටයුතු නිමාකොට ජය ශ්‍රී මා බෝධි ස්ථානයට පැමිණි උන්වහන්සේ ටික කලක් එහි වැඩවිසීමෙන් පසුව මිරිසවැටි විහාරස්ථානයේ ද අභයගිරි විහාරස්ථානයේ ද භාරකාරත්වය දැරූහ. ඉන් අනතරුව රුවන්වැලි චෛත්‍යාරාමාධිපති වශයෙන් 1995 ජූනි මස 1වැනිදා එම ස්ථානයට වැඩමකරවන ලදි.
මේ අතරතුර අටමස්ථානාධිපතිව වැඩසිටි පල්ලේගම ඤාණරතන නාහිමියන් අපවත්වීමෙන් පසු අටමස්ථාන කොමිටියේ ඒකච්ඡන්දයෙන් 1997 ජූලි මස 27වැනි දින අටමස්ථානාධිපති වශයෙන් සිරිනිවාස නාහිමියෝ පත්වූහ.
ශ්‍රී මහා බෝධී ස්ථානය ඇතුළු අටමස්ථානයේ වර්තමාන සංවර්ධනයේ නියමුවාණන් ලෙස උන්වහන්සේ වසර විසිතුනකට අධික සේවාවක් ඉටුකළහ. වසර පහලවකට පමණ පෙර තායිලන්ත රජය මගින් සිරිනිවාස නාහිමියන් ඉටුකරන ලද ලෝක ශාසනික සේවාව අගයා ආචාර්ය උපාධියක් ද පිරිමනු ලැබිණි.
Reply To:
Name - Reply Comment
0 Comments