Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

නැවත පාසැල් ආරම්භ කිරීමේ දිනය ලෙස ජූලි  මස 27 වැනිදා වඩාත් සුදුසු දිනය බව අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරන ලද බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

දරුවන්ගේ සුරක්ෂිතභාවය පමණක් අරමුණු කොට ගෙන ලබාදුන් සතියක පාසැල් අතුරු නිවාඩුව ලබන සඳුදා (20) අවසන් වීමට නියමිතව තිබූ බැවින් අධ්‍යාපන සහ සෞඛ්‍ය බලධාරීන් අතර ඒ පිළිබඳ පුළුල් සාකච්ඡා වට කිහිපයක් පවත්වා මෙම තීරණය ගෙන තිබේ.

සෞඛ්‍ය  අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ස්ථාවරය වන්නේ මේ වන විට  වාර්තා වන ආකාරයට ශ්‍රී ලංකාව තුළ “Covid 19 වෛරසයේ සමාජ සංප්‍රේෂණයකට (Social Transmission)” දැනට ඉඩක් නොමැති බවයි.

කෙසේ වුවද,  දැනට දිව‍යිනේ දිස්ත්‍රික්ක පහක (05) පාසැල් සිසුන් හා ගුරුවරුන් දෙසීයකට (200) ආසන්න සංඛ්‍යාවක් නිරෝධායනයේ පසුවෙන බවත් ඔවුන්ගේ PCR වාර්තා ඉදිරි දින කිහිපය තුළදී නිකුත් වීමට නියමිත බවත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

දැනට දරුවන් තිදෙනකු අසාධිතයන්ව ඇති බව ද සැලකිල්ලට ගනිමින් කිසිඳු බාධාවකින් හෝ අනතුරකින් තොරව පාසැල් පවත්වාගෙන යාමේ අරමුණ පෙරදැරිව අධ්‍යාපන අමාත්‍යාංශය තවත් සතියක කාලයක් පාසැල් දරුවන් සමාජයෙන් වෙන්කොට තැබීම ඔවුනගේ සුරක්ෂිත බව සහතික කිරීම සඳහා ගත හැකි වඩාත් අර්ථාන්විත ක්‍රියාමාර්ගය බවද එම අමාත්‍යාංශය පවසයි.

පාසල් නැවත ආරම්භවන සතියේදී පාසැලට පැමිණිය යුත්තේ  11, 12 සහ 13 වැනි ශ්‍රේණිවල දූ දරුවන් පමණක් බවත් මැතිවරණයෙන් පසුව එළඹෙන පළමු සඳුදා දින එනම් අගෝස්තු මස 10 වැනිදා පාසැල්හි අනිකුත් ශ්‍රේණින් විවෘත කිරීම සඳහා සුදුසු අවස්ථාව බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිර්දේශය බවද අමාත්‍යාංශය සඳහන් කරයි.

එහෙත්,  රාජාංගණය සහ වැලිකන්ද අධ්‍යාපන කොට්ඨාශ තුළ පිහිටි කිසිඳු පාසැලක් අගෝස්තු මස 10 වැනි දිනට ප්‍රථම ආරම්භ නොකරන ලෙසද අදාළ පළාත් බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.