Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමේ දී ක්‍රීඩාවට වැඩි ඉඩක් වෙන් කෙරෙන අතර එහි මූලික ප්‍රතිපත්තිවල විෂය ක්ෂේත්‍ර හය අතරින් පළමු ක්ෂේත්‍රය වන සෞඛ්‍ය හා නිරෝගීකම සමග ක්‍රීඩාව බද්ධ වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාව බහුතර පාර්ලිමේන්තු  මන්ත්‍රීවරුන් ඇතුළු බොහෝ දෙනා අද පිළිගන්නා බව පවසන අමාත්‍යවරයා මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ   ක්‍රියාවට නැංවීම සඳහා වසර 5ක් අවශ්‍ය වන අතර සම්පූර්ණ කිරීමට වසර 10ක් යන බවත් පැවසී ය. ඒ අනුව ලබන වසරේ ජනවාරි පළමු වෙනි දා සිට මෙහි පරිපාලනමය ප්‍රතිසංස්කරණ අරම්භ වනු ඇත.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ක්‍රීඩාවට සෘජු ව වගකියන සියලු පාර්ශ්ව ඒකරාශී කර ප්‍රථම වරට ජාතික ක්‍රීඩා සැලැස්මක් සැකසීමේ අරමුණෙන් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ පැවති වැඩසටහනකට සහභාගී වෙමිනි.

එහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් සිසුන්ගේ ධාරිතා වර්ධනය (Capacity Building) හා ආකල්ප වෙනසක් ද සිදු කළ යුතු අතර වසර 11ක 13ක සමස්ත අධ්‍යාපනය ම විභාගයකින් පමණක් මැනීම, තක්සේරුකරණය පිළිබඳ ප්‍රධාන ගැටලුවක් බව අමාත්‍යවරයා සඳහන් කරයි.

පන්තිකාමරය තුළ සිදු වන අඛණ්ඩ ඇගයීම් ක්‍රමයක ලකුණු හා විභාග ලකුණු එකතු කර අවසන් තක්සේරුකරණයක් සිදු කිරීම, දියුණු රටවල පිළිවෙත බව පැවසූ අමාත්‍යවරයා, එසේ නොවුණහොත් හොඳ ම මතක ශක්තිය තිබෙන සිසුන්ට පමණක් වැඩි ලකුණු ලබාගැනීමට හැකි වී නිපුණතාව හා හැකියාව සහිත දරුවන්ට ඒ අවස්ථාව අහිමි වන බවත් පෙන්වා දුන්නේ ය.

මෙරට මිලියන 24.5ක් වූ ජනගහනයට සාපේක්ෂ ව පර්යේෂකයන්   (Researchers) 22000ක් සිටිය යුතු වුවත් සිටින්නේ 5000ක් පමණක් වන අතර එයිනුත්, ප්‍රායෝගික භාවිතයට ගත හැකි පර්යේෂණ සිදු කරන්නේ 2000කට අඩු ප්‍රමාණයක් බවත් ඉතිරි සියලු දෙනා සෛද්ධාන්තික පර්යේෂකයන් වන බවත් අමාත්‍යවරයා පැවසී ය.

වෙනත් රටවල දරුවන් පෙරපාසල් වියේ සිට ම කුතුහලයෙන් සොයා ගොස් ලබන දැනුම ප්‍රායෝගික ව යෙදවීමට පුහුණු වන අතර මෙරට අධ්‍යාපන ක්‍රමය යටතේ ඉදිරියට ගොස් වාර්ෂික ව විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නා 40,000ක් පමණ උපාධිධාරීන් අතරින් වෛද්‍ය, ඉංජිනේරු, තක්සේරුකරණය වැනි විෂයන් කීපයක් හදාරන සිසුන් හැරුණු කොට ඉතිරි සියලු දෙනා රැකියා විරහිත උපාධිධාරීන් බවට පත් වන අතර ඔවුන්ගේ උද්ඝෝෂණ  නැවැත්වීම සඳහා තොගය පිටින් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට ආණ්ඩුවලට සිදු වන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

රජයට ගත් උපාධිධාරීන් 31,000ක් අධ්‍යාපන ක්ෂේත්‍රයට ගෙන කෙලින් ම පන්ති කාමරයට යොමු කෙරුණ ද මේ අයට ඉගැන්වීමට උගන්වා නැති බවත් ඉගැන්වීමට පුහුණුවක් නැති අය දේශකයන් විය හැකි වුවත් ගුරුවරුන් වන්නේ නැති බවත් පැවසූ අමාත්‍යවරයා මෙරට විද්‍යාපීඨ 17න් බණ්ඩාරවෙල ඌව ජාතික විද්‍යා පීඨය තුළ උසස් පෙළ සමත් අයදුම්කරුවන්ගෙන් ‘ඉෂඩ්ස්කෝ’ අගය අනුව වසරකට බඳවාගන්නා 150ක්, 200ක් ක්‍රීඩා ගුරුවරුන් වශයෙන් පුහුණු කෙරෙන බවත් එම පුහුණුව, තාක්ෂණික හා මනෝවිද්‍යාත්මක සමබරබවක් සහිත විෂය සංකලනයකින් සමන්විත බවත් පැවසී ය. ඉදිරියේ දී අධ්‍යාපන හා ක්‍රීඩා අමාත්‍යාංශවල ඒකාබද්ධ එකඟතාව මත ක්‍රීඩා විෂය සඳහා පාසල් කාලයෙන් පසු 3.30 වන තෙක් පාසල තුළ රැඳී ක්‍රීඩා කිරීමට අවස්ථාව සැලසිය හැකි බව ද අමාත්‍යවරයා පැවසී ය.
 
සමස්තයක් ලෙස සාමාන්‍ය අධ්‍යාපන ක්‍රමය තුළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමී ව දක්ෂ ක්‍රීඩකයන් බිහි කිරීම සහ ආකල්පමය වෙනසක් ඇති කර නිරෝගී දරු පරපුරක් බිහි කිරීම මෙම ප්‍රතිසංස්කරණවල අරමුණ බව අමාත්‍යවරයා සඳහන් කරයි.  

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.