Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

දැනට පවතින ආර්ථික සමාජයීය අභියෝගවලට මුහුණදීමට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පමණක් ප්‍රමාණවත් නොවන බවත් සමස්ත අධ්‍යාපන පද්ධතියම පරිවර්තනීය වෙනසකට ලක් කළ යුතු බවත්  අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

ජාතික අධ්‍යාපන ආයතනය විසින් මෙහෙයවනු ලබන අධ්‍යාපනවේදී, අධ්‍යාපනපති, අධ්‍යාපන දර්ශනපති, අධ්‍යාපන කළමනාකරණ විද්‍යාපති සහ අධ්‍යාපන කළමනාකරණපති උපාධි පාඨමාලා අවසන් කළ උපාධි අපේක්ෂකයින් සඳහා වන උපාධි ප්‍රදානෝත්සවය ඊයේ (27දා) සහ අද (28දා) දෙදින තුළ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙවර අධ්‍යාපන දර්ශනපති, අධ්‍යාපනපති, අධ්‍යාපන කළමනාකරණ විද්‍යාපති, අධ්‍යාපන කළමනාකරණපති සහ අධ්‍යාපනවේදී වශයෙන් විද්‍යාර්ථීන් 2283 දෙනෙකු වෙත උපාධි සහ පශ්චාත් උපාධි ප්‍රදානය කෙරිණි.

එහිදී අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය සහ පාර්ලිමේන්තුවේ සභානායක අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා,
“සාර්ථක මානව සම්පතක් බිහි කිරීමට නම් පාසල් පද්ධතිය තුළ ගුණාත්මක අධ්‍යාපන අවස්ථා සියලු දරුවන්ට අත්පත් කර දිය යුතු බව ද ඒ සඳහා ප්‍රතිපත්ති සම්පාදකයින් ඇතුළු වගකිවයුතු සියලු පාර්ශ්වයන් කැපවිය යුතු බව පෙන්වා දුන්නේ ය.
 
එමෙන් ම ඉදිරියේ දී පාසල් වර්ගිකරණය ප්‍රාථමික, කනිෂ්ඨ ද්වතීයික, ජ්‍යෙෂ්ඨ ද්විතීයික යන අංශ 03ක් ලෙස සරල කරන බවත් මූල්‍ය පාසල් තුළ මූල්‍ය පරිපාලන කටයුතු සඳහා උපාධිධාරීන් 8000ක් ස්ථාපිත කරන බවත් එතුමා පැවසී ය. දැනට පවත්නා අධ්‍යාපන කලාප ගණන තවත් 20කින් වැඩි කරමින් දැනට පවත්නා අධ්‍යාපන කලාප 100ක් වන අතර එය 120ක් දක්වා වැඩි කරන බව ද ගුරුවරුන් සඳහා සේවස්ථ පුහුණු, ධාරිතා සංවර්ධන වැඩසටහන් තවදුරටත් පුළුල් කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා පැවසී ය.

දැනට ලොව බොහෝ දියුණු රටවල සාර්ථක ව ක්‍රියාවට නංවා ඇති STEM Education  (විද්‍යා-තාක්ෂණ-ඉංජිනේරු-ගණිත අධ්‍යාපනය) මෙරට අධ්‍යාපන පද්ධතිය තුළ ද ප්‍රචලිත කිරීමට අපේක්ෂා කරන බවත් ගුරුවරුන් සඳහා පශ්චාද් උපාධි ලබාදෙන ආයතනයක්  ලෙස මීපේ අධ්‍යාපන කළමනාකරණ ආයතනය සංවර්ධනය කරන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.
 

දැනට පවතින ආර්ථික සමාජයීය අභියෝගවලට මුහුණදීමට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පමණක් ප්‍රමාණවත් නොවන බව ද සමස්ත අධ්‍යාපන පද්ධතිය ම පරිවර්තනීය වෙනසකට ලක් කළ යුතු බව ද ඒ සඳහා සක්‍රිය දායකත්වයක් ගුරුවරුන්, විදුහල්පතිවරුන්, අධ්‍යාපන පරිපාලන නිලධාරීන් ඇතුළු සියලු පාර්ශ්වකරුවන්ගෙන් අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා අවධාරණය කළේ ය.

උපාධි ප්‍රදානෝත්සවයේ පළමු සැසියේ ප්‍රධාන දේශනය යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ශ්‍රී සත්කුලරාජා මහතා විසින් පවත්වන ලද අතර ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා ප්‍රමුඛ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.