Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

අධ්‍යාපනයේ අවසන් ඉලක්කය විය යුත්තේ පාසල සඳහා අධ්‍යාපනය නොව ජීවිතය සඳහා අධ්‍යාපනය බැව් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ 2021/02/18 වන දින ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලයේ නව පර්යේෂණ ගොඩනැඟිලි සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි. මෙම පර්යේෂණ ගොඩනැඟිලි සංකීර්ණය ඉදිකිරීමෙන් අනතුරු ව වර්ග අඩි 45000ක් තරම් විශාල ඉඩ ප්‍රමාණයක් පර්යේෂණ කටයුතු සඳහා වෙන් කෙරෙනු ඇත.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

"අපි දන්නවා අපේ රටේ අධ්‍යාපනය සහ රැකියා වෙළඳපොළ අතර විශාල නොගැලපීමක් තිබෙනවා. මේ නොගැලපීම හොඳින් හඳුනාගත් උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලය හඳුන්වා දෙන්නට පුළුවන්. මෙහි තාක්ෂණය, ඉංජිනේරු, ව්‍යාපාර කළමනාකරණය, තොරතුරු තාක්ෂණයට අමතර ව සංගීතය ද උගන්වනු ලබනවා. ඔබට හිතන්න පුළුවන් ද? අපේ රටේ එතරම් සංගීතයට ඉල්ලුමක් නොමැති වුවත් විදේශීය රටවල ඊට තිබෙන ඉල්ලුම. මේ දරුවන්ට ඒ අවස්ථාව පහසුවෙන් ලබා ගන්නට පුළුවන්.

අපේ රටේ උසස් අධ්‍යාපනයට ඇතුළත් කරන සිසුන් ප්‍රමාණය අපි මෙවර 11500කින් වැඩි කරනවා පසුගිය වසරට සාපේක්ෂව. පසුගිය වසරේ සිසුන් 30 000ක් ඇතුළත් කරගත්තා. මෙවර 41 500ක් වෙනවා. නමුත් ඉසෙඩ් අගය සම්බන්ධ ව මතුවුණු ගැටලුවත් සමඟ තවත් වැඩිපුර සිසුන් 540ක් වැඩි කරන්නට සිදු වුණා. ඒ අනුව සමස්තය 12 000කට වැඩි ප්‍රමාණයක් සිසුන් ඇතුළත් කර ගැනීමට නියමිත යි. රජය විසින් උසස් අධ්‍යාපන අවස්ථා එසේ වැඩි කරද්දී තවත් සිසුන්ට උසස් අධ්‍යාපන අවස්ථා ලබාදීමේ බලාපොරොත්තුවෙන් ‘නගර විශ්වවිද්‍යාල 10ක්’ ආරම්භ කිරීමට අපේක්ෂා කරනවා. ඒ සඳහා ආසියානු සංවර්ධන බැංකුව ණය ආධාර ලබා දෙනවා 

මම පසුගිය කාලයේ මෙරට ප්‍රධාන පෞද්ගලික ව්‍යාපාර ආයතනවල ප්‍රධානීන් සමඟ කතා කළා රැකියා සම්බන්ධ ව. අපේ රජය මඟින් රැකියා ලක්ෂයක් ලබා දීමට අමතර ව ඉදිරියේ දී රැකියා ලබාදීමට අප සැලසුම් කළ යුතු බැවින්. එහිදී එම ප්‍රධානීන්ගේ අදහස වුණේ මෙරට විශ්වවිද්‍යාලවලින් පිටවන උපාධිධාරීන්ගේ මෘදු කුශලතා සංවර්ධනය නිසි පරිදි සිදු වී නොමැති බව. අධ්‍යාපන සහතිකය ඔවුන් සතු වුව ද මෘදු කුශලතා සංවර්ධනය එම අධ්‍යාපනය තුළින් සිදුවෙලා නොමැත කියන එක. ඒ නිසා උසස් අධ්‍යාපනයේ එම රික්තකය පුරවන්නට අපට සිදුවෙලා තිබෙනවා. තර්කනය, තොරතුරු තාක්ෂණය, නිර්මාණශීලිත්වය, මානව සබඳතා  ආදී මෘදු කුශලතා උපාධිධාරියා තුළ වර්ධනය කිරීම සිදු කළ යුතු යි. ඊට අමතර ව අපේ සංස්කෘතිය, සාරධර්ම ද සුරක්ෂිත විය යුතු යි. මෙම ඉලක්කවලට අපේ උසස් අධ්‍යාපනය දිශානුගත කළ යුතු යි.

ඒ නිසා ඔබ ආයතනය මඟින් පර්යේෂණ සඳහා සිදු කරන මෙම දායකත්වය ඇගයිය යුතු යි. යනුවෙන් ද පැවසීය"

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.