අධ්‍යාපනයේ අභියෝග ජය ගන්න වැඩපිළිවෙළක්
- 2022-03-17 16:24:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අධ්‍යාපනයේ නව අභියෝග ජයගැනීම සඳහා, නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
උසස් අධ්‍යාපනය සඳහා සිසුන්ට ගතවන කාලය අවුරුද්දකට ආසන්න,කාලයකින් අඩුකර ගැනීම පිණිස, මෙවර සිට උසස් පෙළ විභාග ප්‍රතිඵල කඩිනමින් නිකුත් කිරීම ඉන් එක් ඉලක්කයක් බවද ඔහු සඳහන් කළේය. මේ වනවිටත් ජනාධිපතිතුමා ඇතුළු රජය විශ්වවිද්‍යාල සිසුන් 50 000( පනස් දහසක්) සඳහා ඉඩකඩ වෙන්කර ඇති බවද අමාත්‍යවරයා කීය.
සෑම,ගුරුවරයෙක් ම පුහුණු ගුරුවරයෙක් බවට පත්කිරීම තවත් ඉලක්කයක් බව පැවසූ අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, දරුවන්ට පමණක් නොව, දරුවන්ට උගන්වන සියලු ගුරුවරුන් තොරතුරු තාක්ෂණ (IT) දැනුමෙන් සන්නද්ධ කිරීම අනෙක් ඉලක්කය බවද පැවසීය.
විශ්වවිද්‍යාලයෙන් ශිෂ්‍යයෙකු විශ්වවිද්‍යාලයෙන් පිටවන විට තොරතුරු තාක්ෂණ දැනුමෙන් පරිපූර්ණ විය යුතු බවට තීරණයක් ගෙන තිබෙන බවද ඔහු සඳහන් කළේය.
එමෙන්ම මවුබසට අතිරේකව, භාෂාවක් ලෙස, පාසල්වල ඉංග්‍රීසි අඛණ්ඩව ඉගැන්වීමද නව වැඩපිළිවෙළට අයත් බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුයේ පසුගියදා රැස්වූ පාර්ලිමේන්තුවේ අධ්‍යාපන උපදේශක කාරක සභාවේදීද මෙම බොහෝ කාරණා පිළිබඳ සාකච්ඡා වූ බවය.
විද්‍යා පීඨවලින් පිටවන ගුරු සිසුන්ගේ ගුණාත්මකභාවයට හානි නොවන සේ ඔවුන්ට උපාධියක් ලබාදීම සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡා වූ බව ඔහු කියා සිටියේය.
රාජ්‍ය සේවයට බඳවා ගත් උපාධිධාරීන්ගෙන් 22000කට ආසන්න සංඛ්‍යාවක් ගුරු සේවය සඳහා බඳවා ගැනීමට හැකියාව ඇති බවත් ඔවුන් ඒ සඳහා ඉල්ලුම් කළ යුතු බවත් ඔහු සඳහන් කළේය.
Reply To:
Name - Reply Comment
0 Comments