අලුත් අවුරුදු නැකැත් සීට්ටුව ජනපතිට පිළිගන්වයි
- 2023-04-03 15:02:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සාම්ප්‍රදායික, චාරිත්‍රානුකූලව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
චිරාගත පිළිවෙත් අනුව අඬබෙරකරු සමඟ පැමිණි නැකැත්කරු රැගෙන ආ නැකැත් සීට්ටුව බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.
නව සඳ බැලීම, පරණ අවුරුද්ද සඳහා ස්නානය, අලුත් අවුරුදු උදාව, පුණ්‍ය කාලය, ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය, හිසතෙල් ගෑම, රැකීරක්ෂා සඳහා පිටත්ව යෑම, පැළ සිටුවීම ආදී සුබ මුහුර්තයන් නැකත් සීට්ටුවට ඇතුළත්ය.
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාතාංශයේ මෙහෙයවීමෙන් මෙය සංවිධානය කර තිබිණි.
බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ, අතිරේක ලේකම් තිලක් නන්දන හෙට්ටිආරච්චි, අධ්‍යක්ෂ (ප්‍රවර්ධන) ආචාර්ය ප්‍රසාද් රණසිංහ, සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ භාග්‍යා සී කටුදෙණිය යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
Reply To:
Name - Reply Comment
0 Comments