Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

කොවිඩ් 19 වසංගත අවදානම මැද පසුගිය සැප්තැම්බර් මස 14 දා ආරම්භ වු ඉතාලියේ නව පාසැල් වර්ෂය සති දෙකක කාලයක් ගතවන විට දිනෙන් දින පාසැල් ආශ්‍රිතව කොවිඩ්  19 ආසාදිත වාර්තා වීම් හේතුවෙන් විවේචන දෝෂාරෝපණ හා චෝදනා මැද ඉතාලි දේශපාලනය මෙන්ම පාසැල් පද්ධතියද උණුසුම් වෙමින් පවති.

කොවිඩ් වසංගතයෙන් පාසැල් අනාරක්ෂිත වීම හා කොවිඩ් 19 වසංගතයට මුහුණ දීම සඳහා පාසැල් සඳහා අවශ්‍ය  පහසුකම් ලබා නොදීම හා එම පහසුකම් ප්‍රමාද වීම සම්බන්ධයෙන් රජයට විරෝධය දැක්වීමේ උද්ඝෝෂණ මාලාවක් මිලාන් නගරයේ සිට ආරම්භ විය.

උසස් පෙළ සිසුන්ගේ සංවිධානයෙන් ආරම්භ වු මෙම විරෝධතාවට ගුරුවරුන් පාසැල් කාර්ය මණ්ඩලය මෙන්ම දෙමාපියන්ද එක්ව සිටි අතර ඔවුන්ගේ ප්‍රධානතම ඉල්ලීම වුයේ පාසැල කොවිඩ්  වසංගතයෙන් සුරක්ෂිත ස්ථානයක් කරලීමට සියලු පහසුකම් ඉක්මනින් ලබා දෙන ලෙසයි.

ඊයේ  (26) ඉතාලියේ PCR  පරික්ෂණ 104,387 ක් සිදු කර කොවිඩ් ආසාදිතයන් 1,869 ක් සොයාගත් බව ඉතාලි සෞඛ්‍ය  අමාත්‍යාංශය පවසයි. ඊයේ (26)  දිනයේදි ඉතාලියේ කොවිඩ් 19  මරණ 17 ක් වාර්තා වි තිබේ.   

චන්දන ප්‍රනාන්දු 

   

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.