උණවටුන මුහුදු පතුල පිරිසිදු කරයි
- 2022-04-26 14:36:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
උණවටුණ මුහුදු පතුල හා වෙරළ තීරය පිරිසිදු කිරිමේ ශ්‍රමදානයක් අද (26දා) පැවැත්විණි.
උණවටුණ වෙරළ තිරය ආශ්‍රිත මුහුදු පතුලේ තැන්පත්වි ඇති පොලිතින් ඇතුළු අපද්‍රව්‍ය ඉවත් කිරිම සදහා කිමිදුම් කණ්ඩායමක්ද යොදවා තිබුණි. මොරටුව විශ්වවිද්‍යාලයේ rotaract club සිසුන් 100 දෙනෙකු පමණ මෙම ශ්‍රමදානය සදහා සහභාගි වූහ.
මෙය උණවටුණ නිලධජ වෙරළ ව්‍යාපෘතියේ තවත් එක් සේවාවක් වන අතර සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය මගින් මුහුදු පත්ල හා වෙරළ තිරය පිරිසිදු කිරිමේ ශ්‍රමදානය සංවිධානය කොට තිබුණි.
මේ සදහා හබරාදුව ප්‍රාදේශිය සභාව, උණවටුණ සංචාරක හෝටල් හිමියන්ගේ සංගමය, උණවටුන සුළු හා මධ්‍ය පරිමාණ සංචාරක ව්‍යවසායකයන්ගේ සංගමය , උණවටුන කිමිදුම් ආයතන මේ සදහා අනුග්‍රහය ලබාදි තිබුණි.
රවින්ද්‍ර ශ්‍රිලාල් / චන්දන සමරවික්‍රම
Reply To:
Name - Reply Comment
0 Comments