උත්සව සමයේ ජනතාව ඒකරාශී කරගන්නා උත්සව පවත්වන්න එපා
- 2020-12-23 21:43:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නිරෝධායන නීතිරීතිවලට අනුව ජනතාව එකරාශී කර ගන්නා උත්සව සාද ඇතුළු සියලු කටයුතු සිදුකළ නොහැකි බවත්,මේ නිසානව වසර උදාව නිමිත්තෙන් මෙවැනි කටයුතු සිදුනොකරන ලෙස රටේ සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය ඉල්ලා සිටියි.
නව වසර උදාව නිමිත්තෙන් බස්නාහිර පළාතින් හා දැනට කෝවිඩ්-19 රෝගීන් වාර්තා වූවත් මෙතෙක් හුදකලා කරනොමැති ප්‍රදේශවලින් ජනතාව පිටත ප්‍රදේශවලට ගමන්කිරීම වැළකීම සඳහා කඩිනමින් ක්‍රමවේදයක් සකස් කළයුතු බවද එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේය.
නිරෝධායන නීතිරීතිවලට අනුවජනතාව ඒකරාශී කරගෙන ආගමික උත්සව පැවතීමට නොහැකි බවත්, මේ නිසා නව වසර උදාව ඇතුළු සියලු කටයුතු පවුලේ පිරිස්වලට සීමාකරණ ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ඒ මහතා පවසා සිටියේය.
මෙම නීති උල්ලංඝනය කරන පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත්,මෙවැනි සිද්ධියකට වැරදිකරු වුවහොත් මුදල් දඩයක් හෝ සිරදඬුවමකට යටත් කළහැකි බවත්සභාපතිවරයා සඳහන් කළේය.
නව වසර උදාවට සමගාමීව පදිංචිව සිටින ප්‍රදේශයෙන් පිටත ප්‍රදේශවලට ගමන් කිරීමට සමහර පිරිස් හෝටල් හා නවාතැන් පොළවල් වෙන්කරගෙන තිබෙන බවට වාර්තා වන බවද හෙතෙම ප්‍රකාශ කළේය.
Reply To:
Name - Reply Comment
0 Comments