Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ විදුලි කප්පාදුවක් සිදු නොකරන ලෙස, අදාළ අංශවලට දැනුම් දී ඇතැයි, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. 2021 අ.පො.ස.උසස් පෙළ විභාගය 2022 පෙබරවාරි 07 වන දා ආරම්භ වීමට නියමිතය. එය අවසන් වන්නේ මාර්තු 05 වනදාය.

අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (30දා) හෝමාගම ගොඩගම පැවැති උත්සව කිහිපයකට එක්වෙමිනි.

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ විදුලි කප්පාදුවක් සිදු නොවනු ඇතැයි තම අපේක්ෂාව බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය. පසුගිය නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිතව් තිබූ මෙම විභාගය සඳහා, අමාත්‍යංශයේද උපදෙස් මත, විභාග කොමසාරිස්වරයා සියලු කටයුතු සූදානම් කර ඇතැයිද ඔහු පැවසීය.

උසස් පෙළ විභාග ප්‍රතිඵල දෙන කාල සීමාව කලින්ට වඩා අඩකින් අඩුකර, එම තරුණ පිරිසගේ අධ්‍යාපන කාලය ඉතිරි කරදීම තම අභිප්‍රාය බවද අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.

විභාග ප්‍රතිඵල පමාවන්, විශ්වවිද්‍යාලයට ඇතුළුවීමේ ප්‍රමාදයන් වළක්වා ගතහොත්, දරුවෙකුගේ අධ්‍යාපන කාලයේ අපතේ යන වසරක පමණ කාලයක් ඉතිරි කරදිය හැකි බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. ඒ සඳහා තමන් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු ආරම්භ කර ඇති බවද ඔහු කීය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.