Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ඔක්තෝබර් 12  වැනිදා සිට ආරම්භ වූ මෙවර උසස් පෙළ විභාගය නොවැම්බර් 6 වන දා තෙක් පැවැත්වෙන බවත්, තවත් විෂයන් 13 ක්  ඉදිරි දින හය තුළ පැවැත්වීමට නියමිත බවත්, සෙනසුරාදා පෙරවරුවේ පැවැත්වීමට නියමිත ගිණුම්කරණය විෂය සඳහා මේ වසරේ සිට සිසුන්ට අතිරේක පහසුකමක් ලෙස, වැඩසටහන් සැලසුම් කළ නොහැකි සාමාන්‍ය ගණක යන්ත්‍ර භාවිතයට අවසර ලබාදී ඇති බවත් විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා පවසයි.

මෙම විෂය සදහා සිසුන්ට ගණක යන්ත්‍ර භාවිතයට අවසර දීම සම්බන්ධයෙන් කිසියම් ගැටලුවක් වෙතොත් විභාග දෙපාර්තමේන්තුවෙන් විමසීම් කළ හැකි බව ද  කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් දන්වා සිටී.

රට තුළ මතුව පවත්නා තත්වය හමුවේ නිරෝධායන ඇඳිරි නීතිය බලපැවැත්වෙන කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කයන්හි විභාග මධ්‍යස්ථාන 638 ක් ක්‍රියාත්මක වන බවද, එම මධ්‍යස්ථාන ඇතුළු දිවයිනේ සියලුම විභාග මධ්‍යස්ථාන සඳහා සිසුන්ට ප්‍රවාහන පහසුකම් සලසා දීමට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කරන බවද ඒ මහතා තවදුරටත් සඳහන් කරයි.

විභාග අපේක්ෂකයන් කල් වේලා ඇතුව විභාග මධ්‍යස්ථාන වෙත යොමු කිරීම කෙරෙහි සැලකිලිමත් වන ලෙස දෙමව්පියන්ට ද දැනුම් දී ඇත.

එමෙන්ම, ඔක්තෝබර් මස 11 වැනි ඉරිදා දින පවත්වන ලද ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු  ඔක්තෝබර් 22 දින සිට අද (30) දින තෙක් පැවැති බව ද කුලියාපිටිය සහ ගම්පහ හැර දිවයින පුරා, විභාග මධ්‍යස්ථාන 391 ක් යොදාගනිමින් පිළිතුරු ඇගයීම් කටයුතු සිදු කළ බවද විභාග කොමසාරිස් පැවසීය. රට තුළ පවතින වාතාවරණය හමුවේ මේ සඳහා කැපවීමෙන් සහ වගකීමෙන් කටයුතු කළ සියලුම ප්‍රධාන පරීක්ෂකවරුන්, සහකාර පරීක්ෂකවරුන් ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයන්ට කෘතවේදී ස්තූතිය පිරිනමන බවද ඒ මහතා වැඩි දුරටත් සදහන් කළේය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.