Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල සතියක් ඇතුළත නිකුත් කිරීමට හැකි වන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ කොළඹ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.

"උසස් පෙළ විභාගය පවත්වා අවසන් වූයේ පසුගිය වසරේ නොවැම්බර් පළමු සතියේ. ශිෂ්‍ය ශිෂ්‍යාවන් 362,000ක් මේ විභාගය සඳහා පෙනී සිටියා. පසුගිය දිනවල උත්තරපත්‍ර පරීක්ෂකයන්, විභාග කොමසාරිස් ජෙනරාල් ඇතුළු සියලු ම නිලධාරීන්ගේ දැඩි කැපවීම මත අපට හැකියාව ලැබිල තියෙනවා සතියක කාලයක් තුළ ප්‍රතිඵල නිකුත් කිරීමට.

කොරෝනා උවදුර නිසා සෞන්දර්ය සහ තාක්ෂණික විෂයයන් සම්බන්ධයෙන් ප්‍රායෝගික පරීක්ෂණ කල් දැමීමට සිදුවුණා. අපේක්ෂකයන් රැසක් කොරෝනා රෝගීන් බවට පත්වීම නිසා. කෙසේ වෙතත් මේ සියල්ල කාර්යක්ෂ ම ඉටුකොට දුන් සියලු දෙනා‍ට අපගේ ගෞරවය හිමි වෙනවා. මේ නිසා අවුරුද්දක් අපතේ නොයවා මේ වසරේ ම සැප්තැම්බර් මාසයේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට හැකියාව අපේ දරුවන්ට ලැබෙනවා. ලොව පුරා කොවිඩ් වසංගතය වෙළාගෙන තිබෙන මෙවැනි අවස්ථාවක මේ කටයුත්ත සාර්ථක කර ගැනීමට අපිට හැකියාව ලැබීම පිළිබඳ සතුට ප්‍රකාශ කරනවා.

සිකුරාදා එනම් අප්‍රෙල් 30වන දින  දක්වා රට පුරා සියලු ම පාසල්, පෙරපාසල් සහ පිරිවෙන්වල මෙන් ම උපකාරක පන්ති නොපැවැත්වීමට තීරණය කළා.

අපි දිනපතා මේ තත්ත්වය සමාලෝචනය කරලා තිබෙනවා. දිගින් දිගට ම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්, කලාප අධ්‍යක්ෂකවරුන් සියලු දෙනා සමඟ ම දිනපතා සම්බන්ධ වෙමින් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගේ උපදෙස් අනුව තීන්දු තීරණ ගන්නවා. මේ සියල්ල සලකා බලා ලබන ඉරිදා එනම් මැයි 02වන දින ස්ථිර තීරණයක් ගන්නවා ඊළඟ සතියේ පාසල් පැවැත්වීම සම්බන්ධ ව" ය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.