උපෙළ විභාග මධ්‍යස්ථාන වල සෞඛ්‍යාරක්ෂාව ගැටලුවක් නම් 1988 අමතන්න
- 2020-10-19 11:25:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඔක්තෝබර් මස 12 වැනි දින සිට ආරම්භ කෙරුණු මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගය නොවැම්බර් මස 06 වැනි දින තෙක් විභාග මධ්‍යස්ථාන 2648 කදී පැවැත්වේ. අයදුම්කරුවන් 362,824ක් මෙවර විභාගය සඳහා අයදුම් කර ඇති අතර, දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් පූර්ණ අවධානය යොමුකරමින් විභාග කටයුතු සිදුකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබේ.
කොවිඩ් වෛරසයේ ව්‍යාප්ති තත්වය හේතුවෙන් රට තුළ මතුව ඇති අවදානම උපරිමයෙන් සැලකිල්ලට ගනිමින්, සෞඛ්‍ය, ආරක්ෂක සහ ප්‍රවාහන අංශයන්හි පූර්ණ සහයෝගය ද ලබාගනිමින් දරුවන් සුරක්ෂිත ව විභාගයට යොමුකිරීමට සුදුසු පසුබිමක් මේ වනවිට සකස්කර තිබේ.
එමෙන් ම විභාගයට පෙනීසිටින සියලු දරුවන්ගේ පූර්ණ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරමින් විභාග මධ්‍යස්ථාන පරිශ්‍රයන්හි විශබීජහරණ කටයුතු සහ අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද ක්‍රියාත්මක කිරීමට ඒ ඒ විභාග මධ්‍යස්ථානවලට අදාළ විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පති හෝ ජ්‍යේෂ්ඨ ගුරුවරයෙකු අතිරේක ශාලාධිපති (ස්ථානභාර) ලෙස ද පත්කර ඇත.
එහෙත්, කවර හෝ හේතුවක් මත කිසියම් විභාග මධ්‍යස්ථානයක දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු නොවන අයුරින්, වගකීම් විරහිතව කටයුතු කරන්නේ නම් හෝ අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත පහසුකම් ලැබී නැත්නම් වහාම අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්ෂණික ඇමතුම් අංකය වන 1988 ට ඒ බව දන්වන මෙන් අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටී.
Reply To:
Name - Reply Comment
0 Comments