උපෙළ විභාගයෙන් ඌව පළමු තැනට
- 2022-09-09 11:01:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉතිහාසයේ ප්‍රථම වරට 2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයෙන් ඌව පළාත දිවයිනේ පළාත් අතරින් ප්‍රථම ස්ථානයට පත්ව තිබෙන බව පළාත් අධ්‍යාපන ලේකම් සන්ධ්‍ය අඹන්වල මහත්වල පැවසීය.
පළාතේ දරුවන් 570 දෙනෙකු විෂයන් තුනටම "ඒ" සාමාර්ථ ලබාගෙන තිබෙන අතර කළා විෂයෙන් දිවයිනේ පළමු ස්ථානය ලබා ගැනීමට බදුල්ල කැන්දගොල්ල ද්විතීයික පාසලේ ඉගෙනුම ලැබු එච්.එම් ඉෂාර ලක්මාල් හීංකෙන්ද සිසුවා සමත්විය.බණ්ඩාරවෙළ මධ්‍ය මහා විද්‍යාලයේ හංසජ රමිත් ඇල්වල සිසුවා ගණිත අංශයෙන් දිවයිනේ තුන්වැනියා බවට පත්විය.
උසස් පෙළ විෂය ධාරාවන් හය සදහා දිස්ත්‍රික් කුසළතා 18ක් ලබාගෙන තිබෙන අතර බණ්ඩාරවෙළ මධ්‍ය මහා විද්‍යාලය,බණ්ඩාරවෙළ ධර්මපාල,ධර්මාශෝක,සහ කුඩා කුසුම්,වැලිමඩ ජනාධිපති විද්‍යාලය,මහියංගන ජාතික පාසල,බදුල්ල මධ්‍ය මහා විද්‍යාලය,බිබිල වෙල්ලස්ස ජාතික පාසල,බඩල්කුඹුර නිශ්ශංක මහා විද්‍යාලය,සෙවනගල සෝමාදේවි මහා විද්‍යාලය,බුත්තල දුටුගැමුණු මධ්‍ය මහා විද්‍යාලය මේ අතර වෙති.
ඌවට ඉතිහාසයේ ප්‍රථම වරට දිවයිනෙන් ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට කැපවු දරුවන් පළාත් අධ්‍යාපන නිළධාරීන්,විදුහල්පතිවරුන් ඇතුලු ගුරුමණ්ඩලයට ඌව පළාත් අධ්‍යාපන ලේකම් සන්ධ්‍ය අඹන්වල මහත්වල මහත්මිය තුතිපුද කරති.
ලුණුගල ප්‍රසන්න පත්මසිරි
Reply To:
Name - Reply Comment
0 Comments