උසස්පෙළ සමයේ විදුලිය නොකපා සිටිමට දැඩි උත්සාහයක්
- 2022-12-08 14:36:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
උසස් පෙළ සමයේ විදුලිය නොකපා සිටීමට දැඩි උත්සාහයක් ගන්නා බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවැසීය.
උසස්පෙළ සමයේ විදුලි කප්පදුවක් නොකිරීමට කටයුතු කරන්නේදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.
විදුලිය නොකපා සිටීමට නම් ඉන්ධන මත ක්‍රියාත්මක විදුලි බලාගාර ක්‍රියාත්මක කිරිමට සිදුවෙනු ඇති බවත් ඒ අනුව ඒකකයක් මිලදී ගැනීමට සිදුවන්නේ රුපියල් 90කට බවත් කංචන විජේසේකර මහතා පැවැසීය.
ලංවිමට ඉන්ධන බලාගර ක්‍රියාත්මක කිරීමට සිදුවන්නේ ඛනිජ තෙල් සංස්ථාවෙන් ඉන්ධන ලබාගෙන බවත් සංස්ථාවෙන් ණයට ඉන්ධන ලබා ගතහොත් එය ඛනිජ තෙල් සංස්ථාවට අහිතකරව බලපානු ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.
Reply To:
Name - Reply Comment
0 Comments