කොරියානු රජයෙන් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට ආධාර රැසක්
- 2021-09-29 11:47:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොරියානු තානාපති සන්තූෂ් වූන්ජින් ජියොන්ග් (Santush Woonjin Jeong) මහතා සහ අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් අද දින ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යංශයේ දී සිදු විය.
එහිදී ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් ආධාර ලබාදීමට එකඟතාව පළ විය. ඒ අනුව පුනර්ජනනීය බලශක්තිය, ගණිත සහ භාෂා සංවර්ධනය, තාක්ෂණික සංවර්ධනය සහ මානව සම්පත් යන අංශයන්හි සංවර්ධනය උදෙසා ශ්‍රී ලංකා රජයට ආධාර ලබාදීමට එකඟත්වය පළ කළේ ය.
කොරියානු ආධාර යටතේ, කිලිනොච්චි දිස්ත්‍රික්කය සඳහා “ප්‍රාථමික සහ ද්විතීය අධ්‍යාපනය සඳහා වඩාත් හොඳ භෞතික පරිසරයක් ගොඩනඟා දීම” මැයෙන් වන ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මක අතර ඒ යටතේ ගුරු පුහුණුව සහ විෂය පරිබාහිර ක්‍රියාකාරකම් සඳහා ආදර්ශ විද්‍යාල 04ක් ක්‍රියාවට නැංවීම, පන්තිකාමර අලුත්වැඩියාව සහ ඉදිකිරීම් , පාසල්වල විශේෂ අධ්‍යාපනික ඒකක සඳහා අවශ්‍ය උපකරණ ලබා දීම, ශ්‍රව්‍ය දෘෂ්‍ය උපකරණ පාසල්වලට සහ ගුරුවරුන්ට සැපයීම, ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ ශක්‍යතා සංවර්ධනය සඳහා වැඩසටහන් ක්‍රියාවට නැංවීම, සහ සමාජ ඒකාබද්ධතාවය වර්ධනය කරීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම ආදී ක්‍රියාකාරකම් ගණනාවක් එම ව්‍යාපෘතිය මඟින් සිදු කිරීමට අපේක්ෂිත ය.
එමෙන් ම මෙරට තාක්ෂණික අධ්‍යාපනය සඳහා නව ජාතික අධ්‍යාපන විද්‍යාලයක් අලුතින් පිහිටුවීම පිළිබඳව ද අවධානය යොමුව ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments