කොවිඩ් ආසාදිත සාමාන්‍ය පෙළ සිසුන්ට නවගමුව රෝහල වෙන්කෙරේ
- 2021-02-23 14:06:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මාර්තු මාසයේ දී පැවැත්වීමට නියමිත අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට අපේක්ෂිත සහ නිවෙස් ගත නිරෝධායනයට යොමුකරනු ලබන ආශ්‍රිතයන් අතරින් හදිසියේ කොවිඩ් ආසාධිත සිසුවෙකු හමුවුවහොත් එවැනි සිසුන් සඳහා විභාග දෙපාර්තමේන්තුවට සහයෝගයක් ලෙස නවගමුව රෝහල වෙන්කරන බව කොළඹ දිස්ත්‍රික් ලේකම් (දිසාපති) ප්‍රදීප් යසරත්න මහතා ලංකාදීපයට පවසා තිබේ.
කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ, කොළඹ දිස්ත්‍රික් ලේකම් (දිසාපති) ප්‍රදීප් යසරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කොරෝනා මර්දන කමිටු රැස්වීමේ දී මේ බව හෙතෙම සඳහන් කර ඇත. කොළඹ දිස්ත්‍රික් ලේකම් (දිසාපති) ප්‍රදීප් යසරත්න මහතාගෙන් ලංකාදීපය කළ විමසීමේදී වැඩිදුරටත් මෙසේ ද පවසා තිබේ.
ආසාධිත තත්වයට පත් එවැනි සිසුන්ට විභාගයට පෙනී සිටීමට අවශ්‍ය නම් රෝහල තුලදී එකී පහසුකම් සැපයීමට ද බලාපොරොත්තු වන බවත් එන්නත්කරණ වැඩසටහන යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි සේවයේ නියුතු ග්‍රාම නිලධාරීන්, සංවර්ධන නිලධාරින්, සමාජ සේවා නිලධාරීන් සහ නිරෝධානය වෙන නිවෙස් හා සම්බන්ධ වෙමින් බඩු භාණ්ඩ බෙදා දෙන සේවක කණ්ඩායම් වෙත කොරෝනා එන්නත ලබාදීමේ ප්‍රමුඛතාවය ලබාදීම පිළිබඳව ද අවධානය යොමුකළ බව දිසාපතිවරයා උපුටා දක්වමින් ලංකාදීපය වාර්තා කරයි.
මේ අවස්ථාවට යුද හමුදා ආඥාපති (බටහිර) කොවිඩ් සම්බන්ධීකාරක මේජර් ජෙනරාල් වසන්ත ආබෲව් මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි (කො. උතුර) මංගල දෙහිදෙනිය මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි (කො. මධ්‍යම) නිශාන්ත චන්ද්‍රසෙකර මහතා, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ(කොළඹ) වෛද්‍ය ඉන්දික ජාගොඩ මහතා, මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක (අවිස්සාවේල්ල) බී.ඒ.ඩබ්.කේ. වීරසේකර මහතා ඇතුළු මහත්ම මහත්මීහු පිරිසක් සහභාගී වූහ.
(රේඛා තරංගනී ෆොන්සේකා - ලංකාදීප)
Reply To:
Name - Reply Comment
0 Comments