කොවිඩ් ආසාදිත ළමුන් 5ක් දිනකට රිජ්වේ රෝහලට එයි

2024 අප්‍රේල් මස 16 ප.ව. 01:28 - {{hitsCtrl.values.hits}}  

කොවිඩ් ආසාදිත කුඩා ළමුන් 5කට අධික ප්‍රමාණයක් මේ වන විට රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත්කරන බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසයි.

එම දරුවන් සියලුදෙනා වයස අවුරුදු 14ට අඩු අය වීමට විශේෂත්වයකි.

මීට සති දෙකකට පමණ පෙර දිනකට කොවිඩ් ආසාදිතව රෝහලට ඇතුළත් කරනු ලැබුවේ එක් අයෙකුට ආසන්න ප්‍රමාණයක් බවද ඔහු පැවැසීය.

අද උදෑසන කොවිඩ් ආසාදිත වූ මාස පහක දරුවෙක් රෝහලට ඇතුළත් කළ බවත් අධ්‍යක්ෂවරයා පැවැසීය.

මීට අමතරව කොවිඩ් ආසාදිත මව්වරුන්ද රෝහලට ඇතුළත්වීමේ වර්ධනයක් පෙන්වන බව ඔහු පැවැසීය.

 

 

දින පොත