Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

කොවිඩ් ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා ඇන්ටිජන් සහ පී.සී.ආර්. පරීක්ෂණ වලට අතරමැදිව පරීක්ෂණ ක්‍රමවේදයක් කළ හැකි පරීක්ෂණ කට්ටලයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ඇතුළු කණ්ඩායමක් විසින් නිර්මාණය කර ඇත.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය එම්.ඩී. ළමාවංශ මහතා සහ එම උපකරණය නිර්මාණය කළ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රුචික ප්‍රනාන්දු මහතා ඇතුළු කණ්ඩායමක් විසින් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට මෙම නිර්මාණය හඳුන්වා දෙනු ලැබිණි. කඩිනමින් හා අඩු පිරිවැයකින් ආසාදිතයන් හඳුනා ගැනීමට මෙමගින් හැකියාව ලැබේ.

ඒ අනුව රුපියල් 1500 ක පමණ මුදලකින් අදාළ පරීක්ෂණය කළ හැකි බව එහි නිර්මාණකරු පවසයි. මේ වන විට මෙයට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ තාක්ෂණික කමිටු අනුමැතිය ලැබී ඇති අතර එහි ලියාපදිංචිය අපේක්ෂාවෙන් සිටී. මේ අතර මෙම විශේෂිත පරීක්ෂණ කට්ටලය “RT LAMP (Reverse Transcription Loop Mediated Isothermal Amplification)”ජාතික හා ජාත්‍යන්තර පේටන්ට් බලපත්‍රය සඳහා  අයදුම් කර ඇත.

“සෞභාග්‍යයේ දැක්ම” අනුව දේශීය නිපැයුම් වෙනුවෙන් ලබාදිය හැකි උපරිම සහයෝගය ලබාදෙන බවත්, විශේෂයෙන් කොවිඩ් ව්‍යසනය හමුවේ මෙවැනි නිපැයුම් ලාංකීය නිර්මාණකරුවන් විසින් නිර්මාණය කිරීම අතිශය වැදගත් බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.