කොවිඩ් මිනිස් ප්‍රතිශක්තිකරණ පද්ධතියට හානි කරයි - BGU
- 2021-12-22 08:01:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොවඩ්-19 ඇති කරන SARS-CoV-2 වෛරසය මිනිස් ප්‍රතිශක්තිකරණ පද්ධතියට හානි කරන බව ඊශ්‍රායල පර්යේෂකයන් සොයාගෙන ඇති බව දකුණු ඊශ්‍රායලයේ බෙන්-ගුරියන් විශ්ව විද්‍යාලය (BGU) ප්‍රකාශ කරයි.
iScience සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද ජාන අධ්‍යයනයකදී, BGU පර්යේෂකයන් කොවිඩ්-19 හි "කුණාටු ආකාරයේ ස්වභාවයට" හේතුව කුමක්දැයි සොයා බැලීමට උත්සාහ කළ අතර, එය මිනිසාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට හානි කරන බව අනාවරණය විය.
මෙම කාර්යය සඳහා, ඔවුන් ලොව පුරා සිටින රෝගීන්ගේ පරිගණකගත ජීව විද්‍යාව, ජාන ප්‍රකාශන භාවිත කරමින් වසරක් විශ්ලේෂණය කර තිබුණි.
කොවිඩ්-19 රෝගයේදී ශරීරයේ ක්‍රියාකාරීත්වය අඩාල වීම නිසා ශක්තිය නිපදවන සෛල ඉන්ද්‍රියයන් වන මයිටොකොන්ඩ්‍රියාවට හානි සිදුවේද යන්න කණ්ඩායම පරීක්‍ෂා කළේය. පර්යේෂණ ප්‍රතිඵලවල පුදුමයට කරුණක් වූයේ, පෙනහළු සෛලවල මයිටොකොන්ඩ්‍රියාවලට වඩා ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සෛලවල මයිටොකොන්ඩ්‍රියාවලට හානි හඳුනා ගැනීමයි.
ප්‍රතිශක්තිකරණ සෛලවල ඇති මයිටොකොන්ඩ්‍රියල් හානිය, ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ප්‍රතික්‍රියාවක් වන "සයිටොකයින් කුණාටුව" සංසිද්ධිය පැහැදිලි කරන අතර, උණ, ඉදිමීම සහ අධික තෙහෙට්ටුව වැනි රෝග ලක්ෂණ සමග එය පෙනීයන බව පර්යේෂකයන් පැවසීය. මෙම "සයිටොකයින් කුණාටුව"යන්නෙන් අදහස් කරන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය බොහෝ ගිනි අවුලුවන සංඥා නිපදවන, සමහර විට ඉන්ද්‍රියයන් අකර්මණ්‍ය වීමට හා මරණයට පවා හේතුවන සෞඛ්‍ය තත්ත්වයන් සමූහයකි.
"මේ ප්‍රතිඵල මත පදනම්ව, මයිටොකොන්ඩ්‍රියා ඉලක්ක කර ගැනීම සඳහා පවතින ප්‍රතිකාර ක්‍රම භාවිත කළ හැකියි. එමඟින් රෝගීන්ගේ පරිහෙන සෞඛ්‍ය තත්ත්වය යළි වැඩිදියුණු කළ හැකිවේවි" ඔවුන් නිගමනය කළහ.
Reply To:
Name - Reply Comment
0 Comments