කොවිඩි 19 වැළැක්වීම පිළිබඳ උපදෙස් ඇතුළත් සංයුක්ත තැටිය නිකුත්වෙයි
- 2020-08-04 13:47:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොවිඩ් වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම පිළිබඳ සමස්ත පාසල් ප්‍රජාව දැනුවත් කිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් හා මගපෙන්වීම් වලට අනුගත ව මේ වනවිටත් නිකුත් කර ඇති චක්‍රලේඛය හා මාර්ගෝපදේශයන්ට සමගාමී ව කොවිඩ් 19 වැළැක්වීම පිළිබඳ පාසල් මාර්ගෝපදේශ ඇතුළත් යහපුරුද්දෙන් සුව පැවැත්මක් නම් වූ සංයුක්ත තැටිය නිකුත් කිරීම හා පාසල් වෙත බෙදාහැරීම සඳහා නිල වශයෙන් අධ්‍යාපන ලේකම්වරයා වෙත භාර දීම අද (04) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදුකෙරිණි.
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ අන්‍රග්‍රාහක දායකත්වයෙයෙන් නිෂ්පාදනය කර ඇති මෙම සංයුක්ත තැටි එළඹෙන පාසල් ආරම්භය වනවිට දිවයින පුරා සියලු පාසල් වෙත ලබාදීමට කටයුතු යොදා ඇත.
මීට අමතර ව මෙම සංයුක්ත තැටිය මගින් ලබා දී ඇති උපදෙස් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙතින් හෝ සංයුක්ත තැටියෙහි සඳහන් වන තීරු කේතය (Barcode) පරිශීලනයෙන් youtube වෙතින්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ වෙබ් අඩවියෙන් ද ලබාගැනීමට අවස්ථාව සලසා තිබේ.
මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එන් එච් එම් චිත්‍රානන්ද, රාජ්‍ය ලේකම් රංජිත් චන්ද්‍රසේකර, සෞඛ්‍ය හා පෝෂණ අධ්‍යක්ෂිකා රේණුකා පීරිස්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති ජගත් වැල්ලවත්ත යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
Reply To:
Name - Reply Comment
0 Comments