ගංගා සියල්ලම සංරක්ෂණයට මුල්‍ය ප්‍රතිපාදන වෙන් කෙරේ
- 2021-09-13 17:29:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දිවයිනේ ගංගා සියල්ලම සංරක්ෂණයට මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.
සුරකිමු ගංගා වැඩසටහන යටතේ ගංගා සංරක්ෂණ ව්‍යාපෘති ක්‍රියාත්මකයි.
මේ අනුව මෙරට ගංගා පද්ධතියට ඇතුළත් වන ගංගා 103 ම සංරක්ෂණයට පියවර ගන්නා බවයි පරිසර අමාත්‍යංශය පවසන්නේ.
අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ඉල්ලීමට අනුව මහා භාණ්ඩාගාරය මේ සඳහා ලබාදී ඇති මුදල රුපියල් මිලියන 200ක්.
ඉන් රුපියල් ලක්ෂ 128ක් වැය කෙරෙන්නේ මැණික් ගග ආශ්‍රිත ව්‍යාපෘති කිහිපයක් සඳහා මොණරාගල දිස්ත්‍රික්කයටයි. කතරගමට රුපියල් ලක්ෂ 40ක්ද වැය කිරීමට නියමිතයි.
දකුණු, මධ්‍යම , වයඹ ආදී ප්‍ර දේශවල ගංගා කීපයක් සංවර්ධනයට ද මූල්‍ය ප්‍රතිපාදන වෙන්කර තිබෙනවා. ගම්පහ පහුල් ඔය ආශ්‍රිත ව්‍යාපෘතියකට රුපියල් ලක්ෂ 11ක් වැය කෙරෙනවා. කැළණි ගග සංරක්ෂණයට ද සුරකිමු ගංගා වැඩසටහන මගින් පියවර ගෙන ඇති බවයි පරිසර ආමත්‍යංශය පවසන්නේ.
Reply To:
Name - Reply Comment
0 Comments