ගුරු පුරප්පාඩු සඳහා අධ්‍යාපනවේදී උපාධිධාරීන් බඳවා ගනියි
- 2023-04-04 15:03:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2023 වර්ෂය සඳහා වෙන් කර ඇති මූල්‍ය ප්‍රතිපාදන සීමාව ඇතුළත කළමනා කරණය කර ගැනීමට යටත් ව සබරගමුව, උතුරු මැද, වයඹ, බස්නාහිර, දකුණ හා උතුරු පළාත් සභාවන්හි පවතින ගුරු පුරප්පාඩු සඳහා අධ්‍යාපන වේදී උපාධිධාරීන් බඳවා ගැනීම සඳහා අනුමැතිය ලබා දී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.
එසේම 2023 වර්ෂය සඳහා වෙන් කර ඇති මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීම මත මධ්‍යම, නැගෙනහිර හා ඌව පළාත් සඳහා අධ්‍යාපනවේදී උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ ගුරු පුරප්පාඩු සදහා බඳවා ගැනීම සඳහා අනුමැතිය ලබා දී නොමැති බවත් අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.
Reply To:
Name - Reply Comment
0 Comments