චීනයේ ප්‍රාථමික හා මධ්‍යම පන්ති කාමර තුළ ජංගම දුරකතන භාවිතය තහනම්
- 2021-02-02 06:12:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
චීනයේ ප්‍රාථමික හා මධ්‍යම පාසල් පන්ති කාමරවල ජංගම දුරකථන භාවිතය තහනම් කිරීමට එරට අධ්‍යාපනය අමාත්‍යාංශය තීරණය කර තිබේ.
සිසුන් අන්තර්ජාලය හා වීඩියෝ ක්‍රීඩා වලට ඇබ්බැහි වීමෙන් ආරක්ෂා කිරීමට අදාළව මෙම තීරණ්‍ය ගෙන තිබේ.
ප්‍රාථමික හා මධ්‍යම පාසල් සිසුන් පන්ති කාමරවලට ජංගම දුරකථන ගෙන නොයා යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශයේ චක්‍රලේඛයක දැක්වෙයි.
පාසැලේදී සිසුන්ට ජංගම දුරකථනයක් තිබිය යුතු නම්, ඔවුන්ගේ භාරකරුවන්ගේ ලිඛිත අවසරය ඇතිව විශේෂ ඉල්ලීමක් පාසල් බලධාරීන් වෙත ඉදිරිපත් කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
ඉල්ලීම අනුමත වූ පසු, සිසුන් පැමිණි පසු ඔවුන්ගේ ජංගම දුරකථන අදාළ පාසල් බලධාරීන්ට භාර දිය යුතුය. චක්‍රලේඛයට අනුව දුරකථන එකට තබා ඇති අතර පන්ති කාමරවලට ඒවා රැගෙන යාමට කිසිසේත් අවසර හිමි නොවේ.
Reply To:
Name - Reply Comment
0 Comments