Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් නම් කෙරී ඇති ඕසෝන් වියන ආරක්ෂා කරගැනීම පිළිබඳ වන ජාත්‍යන්තර දිනය ‍ (ජාත්‍යන්තර ඕසෝන් දිනය) අදට (සැප්තැම්බර් 16) යෙදී තිබේ. 'ජීවය සඳහා ඕසෝන්' යන්න ජාත්‍යන්තර ඕසෝන් දිනයේ මෙවර තේමාවයි.

මෙම තේමාව හරහා මිහිමත ජීවය වෙනුවෙන් ඕසෝන් ස්ථරය ආරක්ෂා කිරීම කොතරම් වැදගත්ද මතු නොව එය අනාගත පරම්පරාවන් වෙත තවදුරටත් ආරක්ෂා කිරීමේ වැදගත්කමද සිහිපත් කරවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අදහස වී තිබේ.

1985 වසරේ මාර්තු 22 වැනිදා ඔස්ට්‍රියාවේ වියෙනා නුවරදී පැවැත්වුණු ඕසෝන් ස්ථරය රැක ගැනීමේ සම්මුතියේදී ඊට සහභාගි වූ රටවල් 28ක එකඟතාවෙන් මෙලෙස %ඕසෝන් වියන රැක ගැනීම සඳහා වන ජාත්‍යන්තර දිනයක්^ පිළිබඳ අදහස මතු විය.

ඉන් පසුව 1987 වසරේ සැප්තැම්බර් මාසයේදී කැනඩාවේ මොන්ට්‍රියෙල් නුවරදී අත්සන් තැබුණු මොන්ට්‍රියෙල් ප්‍රොටොකෝලය හරහා ඕසෝන් වියන රැක ගැනීම සඳහා වන ප්‍රධාන පිළිවෙත් සඳහා යොමු වීම ආරම්භ විය.

ඒ අනුව මෙම මොන්ට්‍රියෙල් ප්‍රොටොකෝලයට අත්සන් තැබීමේ දිනය සිහිපත් කරවමින් 1994 එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවරදී පැවැත්වුණු එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමේදී සැප්තැම්බර් 16 වැනිදා ඕසෝන් වියන රැක ගැනීම සඳහා වන ජාත්‍යන්තර දිනය ලෙස එය නම් කෙරිණි.

පෘථිවිය වෙත සූර්යයාගෙන් එල්ල වන අහිතකර කිරණවලින් ආරක්ෂා වීම සඳහා ස්වාභාවිකවම නිර්මාණය වූ ආවරණයක් ලෙස ඕසෝන් වියන ක්‍රියාත්මක වේ. මෙම ඕසෝන් වියන වෙත හානි සිදු කරමින් එහි සිදුරු ඇති කරවන CFC (කාබන් ෆ්ලුරෝ කාබන්) ඇතුළු අහිතකර වායු වර්ග පරිසරයට මුදා හැරීම නැවැත්වීම මෙම සම්මුතියන් හරහා එකඟතාවට පත්වී තිබේ.

මේ අතර මෙවැනි අහිතකර වායූන් හේතුවෙන් 2011 වසරේ සිට ආර්ක්ටික් කලාපයට ඉහළ වායුගෝලයේ හට ගෙන තිබූ විශාල ප්‍රමාණයේ ඕසෝන් සිදුරක් සම්පූර්ණයෙන්ම වැසී යාමේ පුවතක්ද මේ වසරේ මැයි මාසයේදී වාර්තා විය. කෝව්ඩ් -19 වසංගතයේ බලපෑම නිසා ලොව කර්මාන්ත ශාලා බොහෝමයක් ඇණහිටීමෙන් වායුගෝලයට පිටවන අහිතකර වායූන් ප්‍රමාණය අඩුවීම ඊට හේතු වූ බව විද්‍යාඥයෝ එම අවස්ථාවේදී පවසා සිටියහ.

ඕසෝන් දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ පරිසර අමාත්‍යාංශයේ ඕසෝන් ඒකකය විසින් සංවිධානය කරන සැමරුම් උළෙල අද (16දා) උදේ 9.00ට බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඇතුළු මැති ඇමතිවරුන් කීපදෙනෙකුගේ මූලිකත්වයෙන් පැවැත්වේ.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.