ජාතික අධ්‍යාපන ආයතනය අඛණ්ඩවම වැඩ
- 2021-02-02 06:18:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොවිඩ්, නව සාමාන්‍ය තත්ත්වය යටතේ මෙරට අධ්‍යාපන පද්ධතිය තුළ දුරස්ථ ඉගෙනුම් අධ්‍යාපනය ප්‍රචලිත කිරීම හා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීම වෙනුවෙන් ජාතික අධ්‍යාපන ආයතනය, ආයතන පරිශ්‍රය තුළ සෞඛ්‍ය නිර්දේශ අකුරට ම පිළිපදිමින් අඛණ්ඩ සේවයක නිරත ව සිටින බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ පාසල් වසා තැබීමට සිදුවීම හේතුවෙන් සිසුන්ගේ අධ්‍යාපනය අඩාල නොවන ලෙස පසුගිය වසරේ අප්‍රේල් මස සිට අඛණ්ඩව අධ්‍යාපන අමාත්‍යාංශය සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, දුරස්ථ අධ්‍යාපන සහ විවෘත විශ්වවිද්‍යාල රාජ්‍ය අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ “ගුරුගෙදර“ රූපවාහිනි අධ්‍යාපන වැඩසටහන් නිෂ්පාදනය කර ජාතික රූපවාහිනී සංස්ථාවේ සහයෝගයෙන් විකාශය කරමින් සිටී.
එම නිෂ්පාදන කටයුතු ආයතන පරිශ්‍රය තුළ මැදිරි තුනක දී මෙන්ම විවෘත විශ්වවිද්‍යාලය හා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ මැදිරි තුළ ද, දෙමළ මාධ්‍ය වැඩසටහන් උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ මැදිරියක් තුළ ද මේ වන විටත් ඉතා සාර්ථක ලෙස සිදු කෙරේ. මෙම කාර්යයට දිවයිනේ විවිධ පාසල්වලින් ගුරුවරුන්, ගුරු උපදේශකවරුන්, විෂය අධ්‍යක්ෂවරුන් ඇතුළු සම්පත් පුද්ගලයන් සම්බන්ධ වන අතර ඔවුන් වෙනුවෙන් පූර්ණ සෞඛ්‍ය ක්‍රමවේද ආයතනය විසින් අනුගමනය කරනු ලබයි.
පසුගිය 22 දින අධ්‍යක්ෂ ජනරාල්තුමන් නිරෝධායනය සඳහා යොමු වීමත් සමඟ ආයතනයේ කාර්ය මණ්ඩලය වේගවත් ප්‍රතිදේහ ජනක පරීක්ෂණය (Rapid Antigen Test) සඳහා යොමු කරන ලද අතර, සියලු පරීක්ෂණ වාර්තා සුබදායක ප්‍රතිඵල ලබාදුනි. කාර්යය මණ්ඩලය සහ සේවාලාභීන් ගැවසෙන ස්ථාන ජනවාරි 22න් පසු දෙවරක් ම පූර්ණ ලෙස විෂබීජහරණයට ලක්කර ඇත.
ඒ අනුව, පුද්ගල දුරස්ථභාවය ඇතුළු සියලු සෞඛ්‍ය නිර්දේශ අකුරට ම පිළිපදිමින් නිවසේ සිට වැඩ කිරීම, මාර්ගගත (Online) ක්‍රමය ඔස්සේ රැස්වීම් හා පාඨමාලා සඳහා දේශන පැවැත්වීම ඇතුළු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ ආයතනයේ කටයුතු අඛණ්ඩ ව සිදු කිරීමට ජාතික අධ්‍යාපන ආයතනය සියලු ම පියවර ගෙන ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments