ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය අප්‍රේල් අවසන් සතියේ අමාත්‍ය මණ්ඩලයට
- 2023-03-30 16:14:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මේ වනවිට කෙටුම්පත් කර අවසන් කර ඇති ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය අප්‍රේල් මස අවසන් සතියේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියටත්, ඉන් අනතුරුව පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
අද දින (30) පෙරවරුවේ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේ දී පැවැති කෘෂිව්‍යවසායකයින් පිරිසක් විසින් සංවිධානය කරන ලද පුද්ගලික ව්‍යවසායකත්ව වැඩ මුළුවකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය සකස් කිරීමේ දී පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාගේම අදහස් ලබා ගැනීමට නියමිතය. කෘෂිකර්මයට අමාත්‍යවරයා වෙනස් වන විට වෙනස් නොවන, රජයන් වෙනස් වනවිට වෙනස් නොවන කෘෂිකර්ම ජාතික ප්‍රතීපත්තියක් සකස් කිරීම තම අරමුණ බව ද අමාත්‍යවරයා සදහන් කළේය.
එමෙන්ම සියලුම ගොවි නියෝජිතයින්ගේ අදහස් හා යෝජනා ද ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය සකස් කිරීමට ලබා ගැනීමට ද කටයුතු කර තිබේ. කෘෂිකාර්මික ක්ෂේත්‍රයට මෙන්ම පශු සම්පත් අංශයට වෙනමම ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම දැන් ආරම්භ කර තිබේ.
ලබන යල කන්නයේ දී කිසිදු හිගයකින් තොරව පොහොර ලබා දීමට රජය ඊයේ තීරණය කළේය. ගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති පොහොර ලබා දීම පිළිබඳ අවසන් කමිටු රැස්වීමේ දී ඉදිරි කන්නයේ කිසිදු පොහොර හිඟයක් නොතිබිය යුතු යැයි තීරණය කළ බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
Reply To:
Name - Reply Comment
0 Comments