Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ජාතික ශිෂ්‍යභට බලකායේ සංවර්ධනය කටයුතු සඳහා රුපියල් මිලියන 5ක ආධාරයක් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ඊයේ (21දා) ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත ලබාදෙන ලදි.  

මෙම පරිත්‍යාගය කොළඹ චීන තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් වන් ඩොං මහතා ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න වෙත පිළිගන්වන ලදි.    

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සහ ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න විසින් කරන ලද ඉල්ලීමකට අනුව චීන තානාපති කාර්යාලය විසින් මෙම පරිත්‍යාගය සිදුකරන ලදි.

මනා විනයගරුක තරුණ පිරිසක් සහ අනාගත නායකයින් රටට බිහිකිරීම සඳහා ජාතික ශිෂ්‍යභට බලකායේ  පුහුණු කටයුතු සංවර්ධනය ඉහළ නැංවීමේ අරමුණින් මෙම පරිත්‍යාගය සිදුකරන ලදි. 

ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී මේජර් ජෙනරල් දිනේෂ් නානායක්කාර සහ චීන නියෝජ්‍ය ආරක්‍ෂක උපදේශක කර්නල් ගාඕ බින් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.