Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පාසල් සිසුන් තුළ ඉංග්‍රීසි ඉගෙනීමේ හැකියාවන් ඉහළ නැංවීම අරමුණු කරගනිමින්, නවීන තාක්ෂණය සමඟ එක්ව සකස් කරන ලද දීප ව්‍යාප්ත ඉංග්‍රීසි සුහුරු පන්ති  ව්‍යාපෘතිය යටතේ දකුණු පළාතේ පාසල් දෙසීයකට සුහුරු පන්ති ලබාදීම සම්බන්ධව විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ වැඩසටහන අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණ.

ගාල්ල , ලබුදූව දක්ෂිණපාය පරිශ්‍රයේදී පැවැති මෙම නිල අවස්ථාවට වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ, අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, RightToRead ව්‍යාපෘතියේ ප්‍රධාන මෙහෙයුම්කරු අසාද් ඔමාර්, අධ්‍යාපන අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් බුද්ධික වික්‍රමාදර යන මහත්වරුන් ඇතුළු අධ්‍යාපන නිලධාරීන් විශාල පිරිසක් එක්ව සිටියහ.

ඉංග්‍රීසි භාෂාව හැදෑරීම හුදෙක් විදෙස් භාෂාවක් හැදෑරීමකට පමණක් සීමා නොවන බවත්, ජාතීන් අතර සහ සම්බන්ධතා පවත්වා ගැනීමටත්, ඔවුන්ගේ සිතුම් පැතුම් අදහස් උදහස් අවබෝධ කර ගැනීමටත් සම්බන්ධීකරණ භාෂාවක් ලෙස ඉංග්‍රීසි අත්‍යවශ්‍ය භාෂාවක් වන බවත් මෙහිදී අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සඳහන් කළේය.

ඉංග්‍රීසි භාෂාව කඩුව ලෙස සැලකූ යුගයක් පැවති බවද, ඊට හේතු වූයේ ඉංග්‍රීසි භාෂා හැකියාව මත වරප්‍රසාද භුක්ති විඳින්නන් හමුවේ එසේ නොහැකි වූ පිරිස කැපී ගිය හෙයින් බව ද සඳහන් කළ අමාත්‍යවරයා, රටේ තරුණ පරපුර ලබාගන්නා අධ්‍යාපනයත් වෙළෙඳපොළ රැකියා අවස්ථාවනුත් අතර පවත්නා නොගැළපීමට ද ඉංග්‍රීසි භාෂා නොහැකියාව බොහෝ අවස්ථාවන්හිදී බලපාන සාධකයක් වී ඇති බව පෙන්වා දුන්නේය.

පාසල් දරුවන්ට වඩාත් ආකර්ෂණීය වන අන්දමින් ඉංග්‍රීසි භාෂා හැකියාවන් වර්ධනය කර ගැනීමට සුහුරු ඉංග්‍රීසි පන්ති වැඩපිළිවෙල ඉමහත් ප්‍රයෝජනයක් වනු ඇති බව ද මේ සඳහා දායකත්වය ලබා දුන් RightToRead ආයතනයට කෘතවේදී ස්තුතිය පිරිනමන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. 

3 ශ්‍රේණියේ සිට 8 ශ්‍රේණිය දක්වා පාසල් විෂය නිර්දේශයේ ඉංග්‍රීසි විෂයට අදාළ පෙළ පොත් ඇසුරින් සකස් කරන ලද පාඩම් මාලා ඇතුළත් ReadToMe නම් අන්තර්ජාල යෙදවුමක් මගින් මෙම ඉංග්‍රීසි සුහුරු පන්ති ක්‍රියාත්මක වේ. 

2022 වර්ෂය වන විට දිවයිනේ සියලුම පාසල් ආවරණය වන පරිදි ඉංග්‍රීසි සුහුරු පන්ති  වැඩසටහන ක්‍රියාවට නැංවීමට සැලසුම් කර ඇති අතර මෙම වැඩපිළිවෙල යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 100 කට සුහුරු ඉංග්‍රීසි පන්ති ලබාදීම සඳහා සම්බන්ධීකරණ දායකත්වය ලබාදුන් අධ්‍යාපන අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් බුද්ධික වික්‍රමාදර මහතාට ද අමාත්‍යවරයා සිය ස්තූතිය පළ කළේය

මීට සමගාමීව මාතර දිස්ත්‍රික්කයේ පාසල් 100 කට සුහුරු ඉංග්‍රීසි පන්ති ලබාදීම ද එදිනම (15) අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මේ වන විට දිවයින පුරා පාසල් 852 ක   සිසුන්  500,000 කට අධික පිරිසක් මෙම වැඩසටහන සමග සම්බන්ධ කර ගෙන ඇත. 

උතුර, සබරගමුව, ඌව සහ මධ්‍යම පළාතේ පාසල් තුළ මේ වන විටත් මෙම වැඩසටහන ක්‍රියාවට නංවා ඇත.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.