දරුවන් අතර මන්දපෝෂණය ඉහළට
- 2022-06-02 12:04:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙරට පවතින ආහාර හිඟය නිසා දරුවන්ගේ මන්දපෝෂණය සීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතින බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවැසීය.
පසුගිය දින කිහිපයේදී රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කෙරුණු ළමයින් පනස් තුන් දෙනෙකුගෙන් එකොළොස් දෙනෙකු මන්දපෝෂණයෙන් පෙළෙන බවද වෛද්‍යවරයා සඳහන් කළේය.
එයින් සිවුදෙනකුගෙන් උග්‍ර මන්දපෝෂණ ලක්ෂණ පෙන්නුම් කෙරෙන බව පැවසූ විශේෂඥ වෛද්‍යවරයා මේ දරුවන්ට විශේෂ පෝෂණ ආහාර වේල් ලබාදීම ආරම්භ කළ බවද පැවසුවේය.
වාට්ටුවට ඇතුළත් ඇතුළත් කෙරෙන දරුවන්ගෙන් සියයට විස්සකට පමණ මන්දපෝෂණ ලක්ෂණ පෙන්නුම් කෙරෙන බවද වෛද්‍යවරයා පැවසීය.
මෙම තත්ත්වයෙන් දරුවන් වළක්වා ගැනීම සඳහා ගෙවතු වගාවට දෙමවුපියන් වැඩි වශයෙන් යොමු විය යුතු බවත් කෙටිකාලීනව ඵලදාව ලැබෙන පෝෂදායි ආහාර වර්ග වගාව කෙරෙහි මෙහිදී විශේෂ අවධානය යොමු කළ යුතු බවත් විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේය.
Reply To:
Name - Reply Comment
0 Comments