දින තුනට නෙලුම් කුළුනෙන් ලක්ෂ 70ක් උපයලා
- 2022-09-18 14:33:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දකුණු ආසියාවේ උසම කුළුණ ලෙස සැලකෙන නෙළුම් කුළුණ මහජනතාව විවෘත කිරීමෙන් අනතුරුව පළමු සති අන්තයේ (සෙනසුරාදා) පමණක් රුපියල් ලක්ෂ 31 කට අධික ආදායමක් හිමිවූ බව නෙළුම් කුළුණ පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පැවසීයි.
එම ආදායම ප්‍රවේශ පත්‍ර වලින් ආහාර පානවලින් සහ අනෙකුත් සේවා වලින් ලද ඒවා බවත් සමරසිංහ මහතා කීය. සෙනසුරාදා දිනයේදී විදේශිකයන් පනස් දෙනෙකු පමණ ඇතුළුව පුද්ගලයන් 7300 දෙනෙක් නෙළුම් කුළුණේ අසිරිය දැක බලා ගැනීම සඳහා පැමිණ තිබූ බව ඒ මහතා කීය.
මහජනතාව සඳහා විවෘත කල ඉකුත් 15 වැනි දින සිට ගතවූ දින තුනට ලද ආදායම රුපියල් ලක්ෂ 70 ඉක්මවූ බවත් එය නැරඹීම සඳහා ජනතාව දැඩි උනන්දුවක් දක්වන බවත් විධායක නිලධාරී වරයා වැඩිදුරටත් පැවසීය
Reply To:
Name - Reply Comment
0 Comments