Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ්‍රී ලංකාවේ වැඩිහිටියන් හතර දෙනෙකුගෙන් එක් අයෙකු දියවැඩියා රෝගයෙන් පෙළෙන බව දේශීය පර්යේෂකයන් විසින් සිදුකරන ලස ජාතික අධ්‍යනයකින් හෙළිව තිබේ.

එසේම ශ්‍රී ලංකාවට ආසියාවේ වැඩිම දියවැඩියා අනුපාතයක් ඇති රට බවට පත්ව ඇති බවත් මෙම අධ්‍යනයෙන් හෙළිව තිබේ.

2019 වසරේ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල කිහිපයක පර්යේෂකයන්, කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය හා සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් සිදු කරන ලද විශාල ජාතික සමීක්ෂණයකට අනුව මෙම තොරතුරු හෙළිව තිබේ.

මේ අනුව ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් සියයට 23ක් දියවැඩියාව ඇති අතර තවත් තුන් දෙනෙකුගේ එක් අයෙකුට එනම් සියයට 31කට රුධිරයේ ඉහළ සීනි මට්ටමක් ඇති බවට හෙළිව තිබේ.

මෙම සමීක්ෂණය, දියවැඩියාව හඳුනා ගැනීම ඳහා වන මුඛ ග්ලූකෝෂ් නිෂ්කාශන පරීක්ෂණයේ රන් සම්මත ක්‍රමය භාවිත කළ පළමු දියවැඩියාව පිළිබඳ ජාතික සමීක්ෂණ බවය සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය පවසයි.

ශ්‍රී ලංකාවේ දියවැඩියාවෙන් පෙළෙන ශ්‍රී ලාංකිකයන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙකු (සියයට 38) පමණ හඳුනාගෙන නොමැති බව අධ්‍යනයෙන් හෙළිව තිබේ.

අධ්‍යනයෙන් හෙළිව ඇත්තේ අධික බරින් යුතු හා වඩා හොඳ තත්ත්වයේ සිටින හෝ රටේ වඩා සංවර්ධිතන ප්‍ර දේශවල ජීවත්වන ශ්‍රී ලාංකිකයන් තළ දියවැඩියාව බහුලව දක්නට ලැබෙන බවයි.

බස්නාහිර, උතුරු හා නැගෙනහිර පළාත්වලත් යාපනය දිස්ත්‍රික්කයෙත් තවත් සමහර ප්‍ර සදේශවල එම අනුපාතය ඉහළ මට්ටමක පවතින බවත් හඳුනාගෙන තිබේ. කොළඹ දිස්ත්‍රික්කයෙන් වැඩිහිටියන් තිදෙනෙකුගෙන් එක් අයෙකුට (සියයට 34) දියවැඩියාව ඇතැයි හඳුනාගෙන තිබේ.

මේ අනුව ශ්‍රී ලංකාව ආසියාාවේ වැඩිම දියවැඩියා අනුපාතයක් ඇති රට මෙන්ම ලෝකයේ වැඩිම දියවැඩියා රෝගීන් අනුපාතයක් සිටින රටක් බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.