දිවයිනේ සියලුම පාසල් හි සා.පෙළ සහ උ.පෙළ නොවැ: 08 ආරම්භ වෙයි
- 2021-10-30 14:33:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දිවයිනේ සියලුම පාසල් හි 10, 11, 12 සහ 13 ශ්‍රේණි වල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම සඳහා කොවිඩ් මර්ධන කමිටු නිර්දේශ ලැබී ඇති අතර, ඒ අනුව නොවැම්බර් මස 08 වන දින සිට ඉහත ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කොට ඇත.
අද දින මහනුවර දි දළදා සමිඳුන් වැද පුදා ගැනීමෙන් අනතුරුව මේ පිළිබඳව අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා
“ඉතා ප්‍රශස්ත ලෙස හා උසස් සහභාගිත්ව අගයකින් යුතුව දිවයිනේ සියලුම පාසල් හි ප්‍රාථමික අංශ අධ්‍යයන කටයුතු මේ වන විට ඉතා සාර්ථකව සිදුවෙමින් පවතිනවා.
එමෙන්ම නොවැම්බර් 8 වැනිදා සිට 10, 11, 12 සහ 13 ශ්‍රේණි වල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට ලැබීම සිසු දරු දැරියන් ලද තවත් ජයග්‍රහණයක්.
සෞඛ්‍ය නිර්දේශ ලද වහාම 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණි දක්වා අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට මෙන්ම පවතින කාලරාමුව කළමනාකරණය කර අතපසු වූ විෂය නිර්දේශ ආවරණය කිරීමත්, විභාග පැවැත්වීමට අදාල අංශ හා මේ වන විට සැලසුම් කිරිම ඉතා වැදගත්.
එකී අධ්‍යයන කාලරාමුව තුළ නිවැරදිව ගමන් කිරීම තුළින් අ.පො.ස උසස් පෙළ හා 5 වසර ශිෂ්‍යත්ව විභාගය 2022 වසරේ මුල් කාර්තුව තුළ පැවැත්වීමේ ඉලක්කයන් කරා අපට ළඟා වීමට හැකිවනු ඇති.
මේ තත්ත්වයන් යළි උදාකිරීමට කැපවූ විදුහල්පතිවරුන්, ගුරුභවතුන්, අනධ්‍යන කාර්ය මණ්ඩල, සෞඛ්‍යය කාර්ය මණ්ඩල, ඇතුලූ දේශපාලන අධිකාරියට මෙන්ම දෙමව්පියන් ඇතුළු සම්බන්ධ සැමට අතිගරු ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා ඇතුලූ රජයේ ගෞරවය පුද කරනවා”
Reply To:
Name - Reply Comment
0 Comments