Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

" සතූන් අපේ මිතුරෝ " යන තේමාව පෙරදැරි කරගෙන මහජනතාව වෙනුවෙන් පැවැත්වෙන අධ්‍යාපනික ප්‍රදර්ශනයක් දෙසැම්බර් මස 23 හා 24 යන දෙදින පුරා පෙ.ව.8.30 සිට ප.ව.6.00 දක්වා දෙහිවල ජාතික සත්වෝද්‍යාන පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය තිලක් පේමකාන්ත මහතා පැවසීය.

මෙදින ආරම්භක දිනය වන 23 වනදින පාසැල් දරුවන් වයස 12 ට අඩු අය සදහා නොමිළයේ ඇතූලත් වීමට ඉඩ සලසා ඇති අතර , පාසැල් දරුවන් වෙනුවෙන් එදින විශේෂ වැඩ සටහන් රාශියක් මධ්‍යම පරිසර අධිකාරියේ සහයෝගයෙන් පාසැල් පරිසර නියමු කණ්ඩායම විසින් සිදු කරනු ලබන විශේෂ වැඩ සටහන්ද එයට ඇතුලත්  කරනු ලැබ ඇතැයි අධ්‍යක්ෂ මෙහෙයුම් අනෝමා ප්‍රියදර්ශනී මහත්මිය කියා සිටී.

මෙහි දෙවන දිනය වන දෙසැම්බර් මස 24 වන දින වයස 60 ට වැඩි ජේෂ්ඨ පුරවැසියන් සදහා නොමිළයේ ඇතුලත්වීමටද අවස්ථාව සලසා ඇතැයිද නියෝජ්‍ය අධ්‍යක්ෂිකා දිනූෂිකා මානවඩු මහත්මිය පැවසුවාය. 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.