දේශීය සේලයින් සිහිනය යථාර්තයක් වෙයි
- 2021-07-28 12:59:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දීර්ඝ කලක සිට මෙරට වෛද්‍ය ක්ෂේත්‍රයේ බලාපොරොත්තුවක් වූ "දේශීය සේලයින්" නිෂ්පාදනය සැබෑ කරමින් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සහ පෞද්ගලික ආයතනයක් බද්ධ ව්‍යාපාරයක් ලෙස ඇරැඹූ කර්මාන්තශාලාවේ නිෂ්පාදන සැප්තැම්බර් 1 දින සිට රාජ්‍ය අංශයට මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය අද හිමි වූ බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
මේ අනුව සැප්තැම්බර් මස 1 දින සිට සාමාන්‍ය සේලයින්, ඩෙක්ස්ට්‍රෝස් ද්‍රාවණ, හාට්මාන් ද්‍රාවණ, මැනිටෝල් ද්‍රාවණ ඇතුළු ශිරා මඟින් ඇතුල් කරන මූලික නික්ෂේපන ද්‍රාවණ [Sterile Liquid Large Volume Parentals] සියල්ල කුණ්ඩසාලේ කර්මාන්ත උද්‍යානයේ කර්මාන්තශාලාවක නිෂ්පාදනය කර රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථා (SPMC) ලාංජනය යටතේ රෝහල්වලට සැපයෙනු ඇතැයි ඔහු පවසයි.
සේලයින් ඇතුළු මූලික නික්ෂේපන ද්‍රාවණ මිලදී ගැනීමට පමණක් දිනකට රජය රුපියල් ලක්ෂ 50 වැය කරයි. මෙතෙක් කල් එම මුදල ඩොලර් ලෙස විදේශ වෙත ඇදී ගියේය. දේශීය නිෂ්පාදනය මගින් වාර්ෂිකව ඇ.ඩො. මිලියන 5 ක පමණ ශුද්ධ ඉතිරියක් ලඟාකර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වන අතර සේලයින් බෝතල් මිලියන 25 ක් වාර්ෂිකව අපනයනය කිරීමට ද සැලසුම් කර ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments