Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

න්‍යෂ්ටික බලයෙන් විදුලිය නිපදවීම සඳහාත්, සූර්ය බලයෙන් බස්රථ ධාවනය කිරීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහාත් වන යෝජනා දෙකකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

අනාගත බලශක්ති අවශ්‍යතාවය සඳහා විකල්පයක් ලෙස න්‍යෂ්ටික බලශක්තිය සලකා බැලිය යුතු බවට මීට පෙර අමාත්‍ය මණ්ඩලය විසින් තීරණයක් ගෙන ඇති බවත්, එම තීරණය අනුව න්‍යෂ්ටික බලශක්තිය භාවිත කරමින් විදුලිය ජනනය කිරීම පිළිබඳ කරුණු අධ්‍යයනය කිරීම සඳහා මෙහෙයුම් කමිටුවක් හා ක්‍රියාකාරී කණ්ඩායම් 9ක් පත්කර ඇති බවත්, කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

එම කණ්ඩායම් විසින් සකස් කර ඇති ස්වයං ඇගයීම් වාර්තාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරමාණු බලශක්ති නියෝජිතායතනය මගින් ලබාදී ඇති නිර්දේශ අනුව න්‍යෂ්ටික බලයෙන් විදුලිය නිපදවීමේ ව්‍යාපෘතිය ඉදිරියට කර ගෙන යෑමට ශ්‍රී ලංකාවට හැකියාව පවතින බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව ඉදිරි පියවර ගැනීම සඳහා න්‍යෂ්ටික හානි සඳහා සිවිල් වගකීම් පිළිබඳ වියානා සම්මුතියේ සහ න්‍යෂ්ටික හානි සඳහා පරිපූරක වන්දි සම්මුතියේ පාර්ශවකරුවෙකු වීම වඩා යෝග්‍ය බවට හඳුනාගෙන ඇති බවත්, ඒ සඳහා විදේශ කටයුතු අමාත්‍ය අලි සබි් සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර යන මහත්වරුන් ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව ද ද අමාත්‍යවරයා පැවසීය.


බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (28) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

එමෙන්ම ජාත්‍යන්තර බලශක්ති අර්බුදය හමුවේ පොසිල ඉන්ධන ආනයනයට වැයවන පිරිවැය අවම කරගැනීමේ පියවරක් ලෙස සූර්ය බලශක්තිය උපයෝගී කරගෙන ධාවනය කළ හැකි බස්රථ හඳුන්වාදීමට යෝජනා වී ඇතැයි කී ඇමතිවරයා ඒ අනුව කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් බස්නාහිර පළාත ආවරණය වනපරිදි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා ආරෝපිත විදුලිකෝෂ මගින් ක්‍රියාත්මක බස් රථ යෙදවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව ද කීය.

මේ වෙනුවෙන් රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, පළමුව විධිමත් ශක්‍යතා අධ්‍යයනයක් මත පදනම්ව නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරෙන බව ද ගුණවර්ධන මහතා පැවසීය.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.