Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

නැගෙනහිර පළාතේ සියළු පාසල් හෙට සිට ලබන සිකුරාදා  දක්වා (2020.12.02,03 සහ 04 යන දින වල) වසා දැමීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර  අනුරාධා යහම්පත් මහත්මිය අද පෙරවරුවේ පළාත් අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් දුන්නාය.

ගිණිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය අශ්‍රිතව පැවැති අඩු පීඩන තත්වය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී නැගෙනහිර වෙරළ කලාපයට ඇතුළු වන බවට  කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදන නිකුත් කරමින් දැඩිව අවධාරණය කර ඇති බැවින් ඉන් පළාතේ ජනතාවට බලපෑමක් ඇති විය හැකි නිසා මෙම තීරණය  ගැනීමට ආණ්ඩුකාරවරිය කටයුතු කළාය.

යම් ලෙසකින් ඉන් පීඩාවට පත් වන ජනතාවගේ අවතැන් කදවුරු ලෙස පාසල් භාවතා කිරිමට සිදු වීම මීට හේතුව වි තිබේ.

මෙම අයහපත් කාළගුණය නිසා ඇති විය හැකි සුළිකුණාටු, අධික වර්ෂාව නිසා සිදු වන ජලගැලීම් වැනි ආපදාවන්ගෙන් කල්වේලා ඇතිව ජනතාව බේරා ගැනීම සදහා මෙම විශේෂ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරිමට නියමිතය.

මීට පෙර එක් පාසලක අවතැන් පවුල් බොහෝමයක් රදවා තැබීම සම්ප්‍රදාය වුවත් මෙවර කොවිඩ් - 19 වෛරසය පාලනය කිරිමේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්ව අවතැන් කදවුරු පවත්වාගෙන යාමට සිදු වන නිසා බොහෝ පාසල් ප්‍රමාණයක් අවශ්‍ය වේ.

සෞඛ්‍ය ආරකෂිත ක්‍රමවේදයන්ට යටත්ව මෙම අවතැන් කදවුරු පවත්වාගෙන යන ලෙසත් අවතැන් වන එක් පවුලක් එක් පංති කාමරයකට පමණක් සීමා කරන ලෙසත් ආණ්ඩුකාරවරිය දිස්තික් ලේකම් වරුන්ට උපදෙස් දුන්නාය.

මේ අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් තුසිත පී. වනිගසිංහ, ආණ්ඩුකාර ලේකම් එල්.පී. මදනායක, පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අයි.කේ.ජි. මුතුබංඩා සහ පළාතේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල නියෝජනය කරමින් එහි සැලසුම් අධ්‍යක්ෂක වරුන් මේ සදහා එක්ව සිටියහ.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.