Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ප්‍රතිචක්‍රීකරණය නොකරන ප්ලාස්ටික් අපද්‍රව්‍ය භාවිතා කර නිෂ්පාදනය කරන Plastic Mixed Asphalt (Concrete) භාවිතයෙන් නැගෙනහිර පළාත් සභාව යටතේ ඇති මාර්ග ඉදි කිරීමේ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) පස්වරුවේ ත්‍රිකුණාමලය පිහිටි ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණි.

ගිවිසුම අත්සන් කිරීම AGC ඉනෝවෙට් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂිකා ආචාර්ය ජුඩිත් සමරනායක මහත්මිය සහ පළාත් ප්‍රධාන ලේකම් තුසිත පී. වනිගසිංහ මහතා අතර සිදුවිය.

දැනට ශ්‍රී ලංකාවේ ඇති විශාලතම ගැටළුවක් වන ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමණාකරණයට විසදුමක් ලෙස මෙම ක්‍රමය භාවිතා කිරීමට නියමිතය.

මුල් අදියරේ මෙම ක්‍රමය භාවිතා කරමින් ත්‍රිකුණාමලයේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ කිලෝමීටර 2ක් ඉදිකිරීමට යෝජිතය. මේ සදහා අවශ්‍ය කරන ප්ලාස්ටික් ප්‍රමාණය ටොන් 4කි.

එම ප්ලාස්ටික් මඩකලපුව මහ නගර සභාවේ අපද්‍රව්‍ය කළමණාකරණ මධ්‍යස්ථානය හරහා ලබා ගැනීමට සැලසුම් කර ඇති අතර ඊට අමතරව තවත් ස්ථාන දෙකක්ද හදුනාගෙන තිබේ

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.